Categories

Google විසින් search results තුලින් සෘජුවම Cloud games ක්‍රීඩා කිරීමේ පහසුකම ලබාදෙයි.

 

Google තම cloud game සර්විස් එකක් වන Stadia අත් නොහරින බවට තවත් සාධකයක් තමයි cloud games එහි search results වලට ඒකාබද්ධ කරමින්
ඔවුන් කරන මේ පරීක්ෂණ.
කොහාම උනත් මේකට Stadia වලට අමතරව xbox cloud gaming,nvidia geforce now හාAmazon luma ඇතුලු අනෙකුත් සේවාවන්ද හවුල් කරගෙන තිබෙනවා.

Nerf Report’s Bryant Chappel විසින් Google හි සෙවුම් ප්‍රතිඵලවල ඇති මෙම නව විශේෂාංගය ක්‍රියා කරන ආකාරය Tweet එකකින් පෙන්වා තිබුණා.
ඒ අනුව Google හි Search bar එක තුළ ක්‍රීඩාවක නම ටයිප් කිරීමේදී search results මෙනු එකෙ Slide bar එකකින් ගේම් එක “play” බටන් එකත් එක්ක බලාගන්න පුලුවන්. මේ Play බටන් එක Click කිරීමෙන් කෙලින්ම ගේම් එක play කරන්නත් හැකියාව තිබෙනවා.

 

 

 

කොහාම උනත් ඔයාට මේ Cloud gamea direct play කරන්න ඒ Service එකේ Subscription එකක් තියෙන්න ඕන.

ඒ වගේම Search results පිටුවේ මේ විකල්ප ⁣සෑම දෙනෙක්ටම නොපෙන්වන නිසා මේක තවම පරීක්ෂණ මට්ටමින් පවතිනව වෙන්න පුලුවන්.
මෙම මාසය තුල Stadia service එක වසාදමන බවට වාර්තා මෙන්ම කටකතා පැවති නමුත් සමාගම එය සාවද්‍ය බවට තහවුරු කර තිබුණා.

 

 

Source –Techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.