Categories

Motorola ගෙන් ඉතිහාසගත වාර්ථාවක්

motorola විසින්  Moto X30 Pro දුරකථනය චීනයේදි එළිදක්වා තිබෙනවා. ඒ අනුව මෙය ඉතිහාසයට එක්වන්නේ මෙගා පික්සල් 200 කැමරාවක් සහිත ලොව පළමු ස්මාර්ට් දුරකථනය ලෙසයි.

Moto X30 Pro specifications

ත්‍රිත්ව කැමරා සැකසුමක් සහිත rear camera සහ 200mp සහිත primary camera වලින් සමන්විත වෙනවා.

ඒ වගේම 1/1.22″ sensor, 2.56µm  pixel size, 12.5MP photos ලබාගැනීමට සහය දක්වන 16-in-1 binning,  video recording සදහා 8K @30FPS primary camera හී අන්තර්ගතයි.
Gorilla Glass 5 ආරක්ශාවක් velvet AG glass සහිත back panel සදහා ලබා දී තිබෙනවා.

MOTO X30 pro දුරකථනයේ ඉදිරිපස ගැන කතා කරොත්, එය
144Hz refresh rate සදහා සහය දක්වන අගල්  6.67 fullHD + OLED panel එකක් සමග පැමිණෙනවා.

performance අතින් බැලුවොත් මෙය Snapdragon 8+ Gen 1 chipset එකකින් සමන්විතයි. ඒ වගේම 11-dementional VR cooling system එකක් ආන්තර්ගත නිසා කිසිදු රත්වීමකින් තොරවම games play කරන්න පුලුවන්.

Moto X30 pro දුරකථනය 12GB LPDDR5 RAM එකකින් සහ  512GB UFS 3.1 storage එකකින් පැමිණෙනවා. එසේම මෙහි 125W wired charging සදහා සහය දක්වන 4,610mAh battery එකක් අන්තර්ගත වෙනවා.  motorola පවසන්නේ 125W මගින් විනාඩි 19ක් ඇතුළත 0 සිට 100% දක්වා charge කළ හැකි බවයි. තවද මේ දුරකථනය 50W fast wireless charging සහ 10W reverse wireless charging සදහා සහය දක්වනවා.

Moto X30 pro හී මිළ ගණන්

මේ දුරකථනය කාණ්ඩ 3ක් යටතේ පැමිණෙනවා. ඒ වගේම මෙය Ink black සහ clear white කියන වර්ණ 2කින් පැමිණෙනවා.

  • 8GB+128GB: CNY 3,699 (Rs 197,449.43)
  • 12GB+256GB: CNY 4,199 (Rs 224,139.00)
  • 12GB+512GB: CNY 4,499 (Rs 240,152.75)

source:-

BEEBOM

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.