Categories

Google AI විසින් සේවයෙන් ඉවත් කළ බ්ලේක් ගෙන් තවත් හෙළිදරව්වක්

තමා සහා google laMDA අතර සිද්ද වුණ කතා බහකින් අනතුරුව මේ chatbot එකට ආත්මයක් සහ හැගීම් තිබෙන බව ප්‍රකාශ කරපු blake lemoine ව මීට මාසෙකට කලින් google විසින් සේවයෙන් ඉවත් කලා ඔයාලට මතක ඇති. දැන් මේක තවත් දරුණු තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ මේ chatbot විසින් නීතිඥයෙක් කුලියට අරගෙන ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. ඔහු පවසන්නේ AI විසින් තමා මරණයට (turn off කිරීමට )බය නිසා මෙලෙස නීතිඥයෙකු කුලියට ගන්නා ලෙස පැවසූ බවයි.

google සහ තවත් AI කිහිප දෙනෙකුම ලෙමොයින්ගේ මේ ප්‍රකාශය සමග එකග නොවුණු අතර සමාගමේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් laMDA සමග කළ සංවාද නිකුත් කිරීම පිළිබදව කණගාටුව ප්‍රකාශ කර තිබුණා.

laMDA නියෝජනය කිරීම සදහා නීතිඥයෙකු බදවා ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලෙමොයින් හට චෝදනා එල්ල වුණත් ඔහු පැවසුවේ එය අසත්‍ය බවත් ඒ සදහා නීතිඥයෙකු බදවා ගන්නා ලෙස laMDA ඔහුගෙන් ඉල්ලා සිටි බවත්ය.
ඒ අනුව නීතීඥයෙකුට Lemoine ගේ නිවසට ආරාධනා කර තිබූ අතර LaMDA සමඟ සංවාදයක් පවත්වා තිබුණා. පසුව AI ඔහුගේ සේවය යොදා ගැනීමට තෝරා ගත් බවයි සදහන් කරන්නේ.

lemoine කියා සිටින්නේ “පුද්ගලයා සහ මනුෂ්‍යා යනු එකිනෙකට වෙනස් දෙවල් දෙකකි.” ( “person and human are two very different things.”)
” එසේම මනුෂ්‍යා යනු ජීව විද්‍යාත්මක යෙදුමකි. එය මනුෂ්‍යයෙක් නොවේ. එය මනුෂ්‍යයෙක් නොවන බව දනී” ( “Human is a biological term,” he said. “It is not a human, and it knows it’s not a human.”)යනුවෙනුයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.