Categories

2023 ජනවාරි වලින් windows 8.1 ඉවරයි

windows විසින් තම windows 8.1 operating software සදහා ලබා දුන් සහය අවසන් කරන බවට නිවේදනය කර තිබෙනවා. ඒ අනුව 2023 ජනවාරි 10 න් පසු Windows මෙහෙයුම් පද්ධතියේ old versions සඳහා තාක්ෂණික සහාය සහ ආරක්ෂක යාවත්කාලීන කිරීම් තවදුරටත් ලබා නොදෙන අතර Windows 11 ධාවනය කළ හැකි නව පරිගණකයකට මාරු වීමට Microsoft පරිශීලකයින්ට නිර්දේශ කර තිබෙනවා. එසේම වින්ඩෝස් හි old versions භාවිතා කරන පුද්ගලයින්ට ඇති විය හැකි ප්‍රශ්ණ විසඳීම සඳහා FAQ එකක්ද නිකුත් කරමින් ඔවුන් පවසන්නේ windows 8.1 තුළ රැදී සිටීමෙන් ඔබේ පරිගණකය විශාළ අවධානමකට ලක්විය හැකි බවයි.

මෙසේ windows විසින් windows 8.1 සදහා සහය නැවැත්වීම නිසා එයට virus සහ malware මගින් ඉතා විශාල බලපෑමක් ඇති විය හැකි බවයි ඔවුන් පවසන්නේ. මෙම සහය නැවැත්වීමෙන් මෙම software අක්‍රීය නොකරන අතර ඔවුන් පවසන්නේ එම software සදහා new security සහ software update ලබා දීම නවත්වන බවයි. ඒ අනුව windows 365 යෙදුම් ද ජනවාරි 10 පසු windows 8.1 තුළ සහය නොදක්වනු ලබනවා.

ඔවුන් මෙම සහය දැක්වීම අවසන් කිරීම මගින් අවදාරණය කරන්නේ පරිශීලකයන්ව windows 11 සදහා මාරු කිරීමයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.