Categories

BAN appeal එකක් හරියටම කරන්නේ කොහොමද ?

Whatsapp විසින් ඔවුන්ගේ platform එක ආරක්ශිත කර ගැනීම සදහා spam, bulk massage සහ වෙනත් නීති වලට පටහැනි දේවල් සිදු කරන ගිණුම් අත් හිටවනු ලබනවා. සමහර ඒවා තාවකාලිකව අත් හිටවන අතර අනෙක් ඒවා සදාකාලිකවම අත් හිටවනු ලබනවා. කොහොම උනත් අහම්බෙන් ඔවුන්ගේ system හරහා වැරදීමකින් සමහර ගිණුම් අත් හිටවනු ලබනවා. ඉතින් ඔයාගේ ගිණුම වැරදීමකින් ban කරලා නම් ඔයාට ඒ ගැන Ban appeal එකක් කරන්න පුලුවන්.

ඔයාගේ whatsapp එක ban උනහම උඩ ෆොටො එකෙ විදියට ඔයාගෙ whatsapp එක පෙන්වනවා. වැරදීමකින් ඔයාගේ ගිණුම ban කරලා කියලා ඔයාට හිතෙනවනම් යට තියෙන check review status මගින් ඔයාට Ban appeal එකක් ඉල්ලන්න පුලුවන්.
මේ review status හරහා report එකක් submit කරන කොට ඔයාට ඒකට තවත් additional details attach කිරීමට හැකියාව ලැබෙනවා.

report submit කරාට පස්සේ whatsapp support මගින් ඔයාගේ device සහ account info පරික්ශා කරනු ලබනවා. ඒ ඔවුන්ගේ සේවා කොන්දේසි වලට පටහැනිව ඔයාගේ ගිණුමෙන් නීතී විරෝධී ක්‍රියාකාරකමක් සිදුවෙලා තියෙනවද කියලා. ඔවුන් අතින් වැරදීමකින් ඔයාගේ ගිණුම Ban වෙලා නම් ඔවුන් නැවත් ඔබේ ගිණුම ලබා දෙනවා. ඒත් ඔයා ඔවුන්ගේ නීති උල්ලංඝනය කළ බව whatsapp තහවුරු කරොත් ඔයාගේ ගිණුම නැවත ලබා ගන්න හැකියාවක් නැහැ.

ඔයාගෙ ගිණුම ලැබුනොත් පහත ආකාරයට verify ලෙස දිස්වන අතර, review එක failed වුවහොත් register new number ලෙස පෙන්වනවා.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.