Categories

යුක්රේනයට සහය දක්වන රටවලට රුසියාවෙන් සයිබර් ප්‍රහාර..!

 

මයික්‍රොසොෆ්ට් විශේෂ අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා ,ඒ රුසි⁣යාවෙන් යුක්රේනයට සහය දක්වන රටවලට සයිබර් ප්‍රහාර එල්ල කිරීමක් ගැන, මේකෙදි එක්සත් ජනපදය හා පෝලන්තය රුසියාවේ ප්‍රධාන ඉලක්කය වෙලා තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය ආයතන, මානුෂීය කණ්ඩායම් මෙන්ම විදුලි සංදේශ, බලශක්ති සහ ආරක්ෂක සමාගම්වලට අයත් පද්ධති වලට රුසියානු හැකර්වරුන්ගෙන් ජාල ආක්‍රමණයක් සිදුව ඇති බවට අනාවරණය වූ බවයි. එලෙසම යුක්රේන රුසියානු යුද්ධය ආරම්භයේ සිටම රටවල් 40කට අධික සංඛ්‍යාවක සංවිධාන මෙම ප්‍රහාරවලින් දැනට පීඩාවට පත්ව තිබෙනවා.
සමාගම දැනට මෙම ප්‍රහාරවලින් බලපෑමට ලක් වූ යුක්රේනයෙන් පිටත රටවල් 42 ක සංවිධාන 100 කට අධික සංඛ්‍යාවක් හදුනාගෙන තිබෙනවා.
මෙම ප්‍රහාර වලින් සියයට 60කට වැඩි ප්‍රමාණයක් නේටෝ සාමාජිකයින් වන අතර, රුසියානු ජාල ආක්‍රමණය සඳහා මූලික ඉලක්කය වී තිබෙන්නේත් එක්සත් ජනපදයයි. එලෙසම බොහෝ හමුදා සහ මානුෂීය ආධාර ලබා දීමේ මධ්‍යස්ථානයක් වීම හේතුවෙන් සයිබර් අපරාධකරුවන් පෝලන්තය කෙරෙහිත් අවධානය යොමු කර ඇති බවට වාර්තා වනවා.


එලෙසම රුසියානු ප්‍රහාර සියයට 29ක් සාර්ථක වන බවත් එම සාර්ථක ප්‍රහාරවලින් හතරෙන් එකක් සංවිධානයක ජාල තුලින් දත්ත සොරකම් කිරීමට යොමුව ඇති බවයි.
අවසාන වශයෙන්, මයික්‍රොසොෆ්ට් දත්ත සුරැකීම සඳහා යුක්රේනයේ ක්‍රියාමාර්ග අගය කල අතර යුද්ධයට පෙර, රටේ රාජ්‍ය අංශයේ ඩිජිටල් යටිතල පහසුකම් එහි දේශසීමා තුළ භෞතිකව පිහිටා තිබූ සර්වර් මත ක්‍රියාත්මක වුනි.

පසුව ඒවා මිසයිල ප්‍රහාරවලට ගොදුරු වු අතර යුක්රේන රජය මෙය විශාල අවදානමක් බව ඉක්මනින් වටහා ගෙන යුරෝපය පුරා දත්ත මධ්‍යස්ථානවල සත්කාරකත්වය දරන Cloud service වෙතට එහි වැදගත් ඩිජිටල් මෙහෙයුම් සහ දත්ත මාරු කිරීමට ක්‍රියා කලේය.

එලෙසම මයික්‍රොසොෆ්ට් රුසියාවෙහි තම ව්‍යාපාර නැවතූ බැවින් එහි සේවකයින් සිය ගණනක් සේවයෙන් ඉවත් කෙරුණි. තව දුරටත් රුසියාවේ පරිශීලකයන්ට microsoft servers තුලින් වින්ඩොස් බාගත කිරීමත් අවහිර කර තිබුණි.

 

Source :- Techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.