Categories

Chatbot උණුසුම තවත් වැඩි කරමින් Microsoft ChatGPT මගින් ක්‍රියාත්මක වන Bing search  එන්ජිම සහ Edge බ්‍රව්සරය එළිදක්වයි..!

අපේක්ෂා කළ පරිදි මයික්‍රොසොෆ්ට් විසින් ChatGPT මගින් බලගැන්වෙන සිය Bing සෙවුම් යන්ත්‍රයේ නව Version එකක් නිවේදනය කර තිබෙනවා.

එලෙසම වොෂින්ටන් හි Redmond හි මූලස්ථානයේ පැවති උත්සවයේදී, සමාගම විසින් Edge බ්‍රව්සරය නව AI හැකියාවන් සහ නව පෙනුමකින් යාවත්කාලීන කරන බව ද පවසා තිබුනා.

Bing දැනට වසර 13ක සිට පවතින නමුත් එය තවමත් බ්‍රව්සර් වෙළඳපොලේ 3% කටත් අඩු ප්‍රතිශතයක් දරන අතර ගූගල් 93% ක අගයකින් පලමු තැන සිටිනවා.
කෙසේ  නමුත් මයික්‍රොසොෆ්ට් විශ්වාස කරන්නේ OpenAI හි GPT-4 මාදිලිය එහි සෙවුම් යන්ත්‍රයට ඒකාබද්ධ කිරීම එම දැවැන්ත පරතරය පියවීමට උපකාරී වනු ඇති බවයි.

නව Bing දැන් ඩෙස්ක්ටොප් තුල සීමිත අනුවාදයකින් භාවිතා කල හැකි අතරසෙවුම් යන්ත්‍රය වඩාත් සවිස්තරාත්මක පිළිතුරු සහිත AI මගින් බලගැන්වෙන පැති තීරුවක් සමඟින් ඔවුන්ගේ සාම්ප්‍රදායික ස්වරූපයෙන් ප්‍රතිඵල පෙන්වනු ලබනවා.
එමෙන්ම පරිශීලකයින්ට ChatGPT වෙතින් සෘජුවම chatbot ප්‍රශ්න ඇසීමේ හැකියාවද මෙයින් ලබාදෙනවා.

මයික්‍රොසොෆ්ට් පැවසුවේ ” Bing ” වඩාත් නිවැරදි ප්‍රතිඵල සපයන අතරම ඒවා බහු මූලාශ්‍රවලින් සාරාංශ කළ හැකි බවයි.
එමගින් නිවාඩු ගමන් විස්තරයක් නිර්මාණය කිරීමට, රැකියා සම්මුඛ සාකච්ඡා සඳහා පරිශීලකයින් සූදානම් කිරීමට, මෑත සිදුවීම් පිළිබඳ පුවත් ලබා ගැනීමට සහ තවත් බොහෝ දේ කිරීමට හැකි වනවා.

⁣එලෙසම යාවත්කාලීන කරන ලද Edge බ්‍රවුසරය,  නව Chat සහ Compose විශේෂාංග සමඟ පැමිනෙන අතර chat මගින් පරිශීලකයින්ට වෙබ් පිටු සාරාංශ කිරීමට සහ ඒවායේ අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්න ඇසීමට ඉඩ දෙන අතර compose මගින් ඊමේල් සහ සමාජ මාධ්‍ය පළ කිරීම් වැනි දේ නිර්මාණය කිරීමට උපකාරී වේ.

මයික්‍රොසොෆ්ට් නව Bing සහ Edge හි OpenAI හි ChatGPT බලගන්වන GPT 3.5 භාෂා ආකෘතියේ වැඩි දියුණු කළ අනුවාදයක් භාවිතා කරන අතර සමාගම පවසන්නේ මෙම “Prometheus” මාදිලිය සුප්‍රසිද්ධ chatbotට වඩා බලවත් අතරම සෙවුම් විමසුම්වලට පිළිතුරු දීමට වඩා හොඳ බවයි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.