Categories

මගීන් 5000 රැගෙන යා හැකි nuclear- powered “flying hotel “

මගීන් 5000 රැගෙන යා හැකි, පිහිනුම් තටාකයක් සහිත න්‍යශ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ” Flying hotel” නම් ගුවන් යානයක නිර්මාණාත්මක වීඩියෝවක් මේ වන විට නිකුත් කර තිබෙනවා. AI ලෙස ධාවනය Sky cruise, න්‍යශ්ටික බලයෙන් ක්‍රියාත්මක වන එන්ජින් 20කින් සමන්විත අතර එය කිසිදා ගොඩබෑමට අපේක්ශා නොකරයි. ඒ වෙනුවට සාමාන්‍ය ගුවන් යානා මගින් මගීන්ව රැගෙන sky cruise වෙත සහ ඉන් පිටතට යන අතර sky cruise හී අලුත්වැඩියා කටයුතුත් ගුවනේදීම සිදු කෙරෙනු ඇත.

මෙම යානයේ ආකෘතිය නිර්මාණය කල Hashem Algahili පැවසුවේ න්‍යශ්ටික බලයෙන් ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන් ප්‍රවාහනයේ අනාගතය විය හැකි බවයි.

මෙම යානය පියාසර කිරීමට කොපමණ පිරිසක් අවශ්‍ය දැයි විමසූ විට ඔහු පැවසුවේ ” මේ සියළු තාක්ශ්නයන් සමග ඔබට තවමත් නියමුවන් අවශ්‍යද ? එය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය වනු ඇතැයි මම විශ්වාස කරමි” යනුවෙනුයි.

 

sky cruise තුළ shopping mall, gym,restaurant ,theaters සහ swimming pool එකක් ඇතුළත් වෙනවා.

 

කෙසේ වෙතත් මෙම sky cruise සංකල්පය සමග බොහෝ දෙනා එකග නොවන අතර යමෙක් පවසන්නේ nuclear -powered sky cruise හදිසියේ කඩා වැටුනොත් එමගින් නගරයක් වුවද විනාශ විය හැකි බවයි.

 

එසේම සමහර අය පවසන්නේ සංවර්ධන වියදම් සමග, sky cruise තුළ සංචාරයක් සදහා විශාල මුදලක් වැය වනු ඇති බවයි.

 

කෙසේ වෙතත් Sky Cruise බල ගැන්වීමට අපේක්ෂා කරන විලයන තාක්‍ෂණය වර්ථමානයෙන් බොහෝ ඈතට යන අතර, එවැන්නක් නිර්මාණයට තවත් වසර ගනණාවක් ගත වනු ඇත.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.