Categories

Metaverse සදහා නිශ්පාදනය කළ HTC Desire 22 pro 

තායිවානයේ විශාලතම තාක්ශණික සමාගමක් වන HTC විසින් පරිශීලකයින්ට metaverse වෙත පිවිසුම ලබා දීම සදහා නව ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා.

මෙය metaverse කේන්ද්‍ර කරගත් විශේශාංග කිහිපයක් සමග පැමිණෙනවා. පරිශීලකයන්ට පහසුවෙන්ම metaverse වෙත පිවිසීම සදහා HTC විසින් මෙම දුරකථනයට VIVERSE නමින් යෙදුමක් එකතු කර තිබෙනවා. එසේම VIVE wallet භාවිතයෙන් virtual vive avatars නිර්මාණය කිරීමට,NFTs ඇතුළු ඩිජිටල් වත්කම් කලමණාකරණය කිරීමට මෙම viverse යෙදුම භාවිතා කරන්න පුලුවන්.

 

HTC Desire 22 pro දුරකථනයේ features 

  • මෙය 120Hz refresh rate සහ 20:9 aspect ratio සහිත අගල් 6.6 FULL-HD+ (1080×2412 pixels) display එකකින් පැමිණෙන මෙය Android 12 සදහා සහය දක්වනවා.
  • snapdragon 695 chipset එකකින් බලගැන්වෙන HTC Desire 22 pro දුරකථනය 8GB RAM සහ 128GB STORAGE එකකින් සමන්විත වෙනවා.
  • 4,520mAh battery එකකින් සමන්විත වෙන මෙය wireless සහ reverse wireless charging , 5G,WI FI සහ bluetooth සදහා සහය දක්වනවා.
  • camera අතින් ගත්තොත් මෙය 64 primary sensor ඇතුළුව triple rear-camera setup එකක්, 13MP ultra-wide lens, සහ 5MP depth camera එකකින් සමන්විත වෙනවා.

HTC Desire 22 pro තායිවානයේ NT$ 11,990 (LKR 145,508.97) වන අතර එය wave gold සහ Starry Night Black වර්ණ වලින් පැමිණෙනවා. ඒවගේම metaverse Early bird package සහ vivo flow headset සමග එන combo package එකක මිල NT$23,490 (LKR 285,071.37) ලෙස සදහන් වෙනවා. එය ජූලි 01 සිට මිලදී ගැනීමට හැකියි.

 

 

 

 

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.