Categories

තොල් චලනයන් ගලපමින් කථිකයකුගේ කටහඬ පරිවර්තනය කරන Google ගේ Universal Translator

අද වන විට Ai තාක්ශණයේ දියුණුවත් සමග නවඋත්පාදන රැසක් ලොවට හදුන්වාදෙන්නට තාක්ෂණික සමාගම් රැසක් සමත් වෙලා තියෙනවා.මේ නව තාක්ශණය හරහා Google ප්‍රබල නව පරිවර්තන සේවාවක් පරීක්ෂා කරමින් සිටින අතර මෙහි සුවිශේෂත්වය වන්නේ නව භාෂාවකින් වීඩියෝවක් නැවත සකස් කිරීමටත් වීඩියෝවේ සිටින කථිකයාගේ තොල් ඔවුන් කිසිදා කතානොකළ වචන සහ විවිධ භාෂාවන් සමග චලනය කිරීමට සැලැස්වීමයි.

Google විසින් සිය I/O සම්මන්ත්‍රණයේදී එළිදක්වන ලද නව නිෂ්පාදන අතරින් එකක් ලෙස මෙම පර්යේෂණාත්මක “Universal Translator” ඉදිරිපත් කර තිබෙන අතර එම අවස්ථාවේදී, ඉංග්‍රීසියෙන් පටිගත කරන ලද ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය සමඟ හවුල්ව නිර්මාණය කරන ලද මාර්ගගත විද්‍යාල පාඨමාලා දේශනයක කොටසක් මෙම “Universal Translator” භාවිතයෙන් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමට හැකි වූ අතර කටහඬ සහ ස්වරද අනුකරණය කිරීමට හැකියාව ලැබිලා තියෙනවා.

Google පවසන ආකරයට මෙය යහපත් ප්‍රතිඵල සදහා නිමවා ඇති අතර දැනට බලයලත් හවුල්කරුවන්ට මෙම “Universal Translator” වෙත ප්‍රවේශ සීමා පනවා තිබෙනවා.මෙයට හේතුව බොහෝ අවස්ථාවල මෙය පරිශීලකයන්ට ප්‍රයෝජනවත් වන නමුත් ඇතැම් පරිශිලකයන් මෙය අනිසි ලෙස තම ක්‍රියාකාරකම් මත යෙදවීමයි.