Categories

WhatsApp විසින් මීට පෙර නිකුත් කළ Channel සඳහා තවත් අමතර features 12ක් එකතු කරයි

WhatsApp Channel feature

WhatsApp විසින් පරිශීලකයන් හට නවතම Channel feature එකක් සකස් කරමින් ඉන්නවා. මේ Channel හරහා පරිශීලකයන්ට ප්‍රවෘත්ති සහ වෙනත් වැදගත් updates පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම යවත්කාලීනයත් සමග, මීට පෙර WhatsApp home screen හී පැවති Status tab වෙනුවට එය Updates ලෙස වෙනස් කරනු ලබනවා. ඒ අනුව පරිශීලකයන්ට ඔවුන් Follow කරන channels මෙම Updates Tab හරහා දැකගත හැකි වෙනවා.

එසේම Channels සෑදූ පසුව එහි ආරක්ශාව පෞද්ගලික වන අතර ඒ අනුව, channel සෑදූ අයගේ නම, දුරකථන අංකය සහ profile photo පවා ඔවුන්ගේ followers ලා හට දැකගත නොහැකි වෙනවා.

Channel සඳහා අමතර විශේශාංග 12ක්

WhatsApp විසින් මීට පෙර නිවේදනය කළ Channel සඳහා අමතර විශේෂාංග 12ක් එකතු කර තිබෙනවා.

01. Interface : Channel එකෙහි පණිවිඩ ලබා එන Interface සඳහා සාමාන්‍ය පළල අතුරුමුහුණතක් භාවිතා කරනු ලබනවා.

02. verification status : Channel verify කිරීමට හැකියාව ලැබෙන අතර එසේ verify කළ Channels කොළ පැහැති Checkmark එකකින් සලකුණු වෙනවා.

03. number of followers : Channel name යටින් channel එක follow කරන followers ගණන පෙන්වනු ලබනවා.

04. Mute notification button : Channel Header එකෙහි Channel messages mute කිරීම සඳහා option එකක් ලබා දීලා තිබෙනවා.

05. Handles : Channel එකෙහි විස්තර display කිරීම සඳහා Handles පහසුකම් ඇතුළත් කරලා තියෙනවා.

06. Real Followers count : Channel info ස්ක්‍රීන් එක මගින් Channel එක follow කරන නිවැරදි සංඛ්‍යාව පෙන්වනු ලබනවා.

07. shortcuts : පරිශීලකයින්ට Channel එකෙහි අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා Unfollowing, Forwarding, sharing යන shortcut තුනක් එකතු කර තිබෙනවා.

08. Channel description : Channel එකෙහි අරමුණ සහ followers ලා හට අවශ්‍ය අනෙකුත් තොරතුරු මෙම description එකෙහි ඇතුළත් කළ හැකියි.

09. Mute notification toggle : channel එක පහසුවෙන් Mute කිරීම සඳහා අමතර ටොගලයක් එකතු කර තිබෙනවා.

10. Visibility status : channel, public ලෙස සැකසිය හැකි අතර ඒ හරහා ඕනෑම අයෙකුට channel එක සොයා ගැනීමට සහ Channel එකෙහි බෙදාගත් අන්තර්ගතය බැලීමට ඉඩ සැළසෙනවා.

11. privacy : පරිශීලකයන්ට ඔවුන්ගේ තොරතුරු පෞද්ගලිකව සහ ආරක්ශිතව තබා ගැනීමට හැකි වෙනවා.

12. Reporting : පරිශීලකයන්ට ඔවුන් follow කරන Channel සමග ගැටළුවක් ඇති වුවහොත් report හරහා ඒවා වාර්තා කළ හැකියි. Channel විසින් සේවා කොන්දේසි උල්ලංඝනය කරන අවස්ථාවක Channel අත්හිටුවන අතර පරිශීලකයන්ට එම Channel තවදුරටත් follow කිරීමට නොහැකි වෙනවා.

දැනට මෙම Channel feature එක සංවර්ධනය කරමින් පවතින අතර ඉදිරියේදී ඒවා නිකුත් කිරීමට නියමිතයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.