Categories

DALL-E මගින් නැවත වරක් edit human faces පහසුකම ලබා දෙයි

OpenAI හි DALL-E මේ වෙනකොට  අන්තර්ජාලය හරහා වඩාත් ජනප්‍රිය AI image genarator එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක දවසින් දවස වැඩි දියුණු වෙද්දි, මීට පෙර පෞද්ගලිකත්වය සදහා භයානක ලෙස සැලකූ DALL-E හි මිනිස් මුහුණු edit කිරීමට තිබු හැකියාව නැවත වරක් ලබා දීලා තිබෙනවා.

ඒ අනුව OpenAI සිය සියලුම පරිශීලකයින්ට නිල පුවත් පත්‍රිකාවක් මගින් නිවේදනය කර තිබෙන්නේ “ඔබට දැන් DALL·E සමඟ මුහුණු සහිත ඡායාරූප උඩුගත කිරීමට සහ සංස්කරණය කිරීමට හැකි බවයි. ” එසේම  ඔවුන් කියා සිටින්නේ ඇඳුම් පැළඳුම් වෙනස් කිරීම, පසුබිම් දර්ශන සංස්කරණය කිරීම වැනි අරමුණු සඳහා මෙම විශේෂාංගයට පරිශීලකයින් අතර ඉහළ ඉල්ලුමක් තිබුණත්  AI හි හැකියාවන් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා ඔවුන් එය ඉවත් කර තිබෙනවා.

OpenAI ප්‍රකාශ කරන්නේ, මිනිස් මුහුණු සංස්කරණය කිරීමට සහාය වීම සඳහා “අපගේ ආරක්‍ෂිත පද්ධතියේ වැඩිදියුණු කිරීම් සමඟින්, DALL·E දැන් සූදානම්” ,  යනුවෙනුයි. එසේම ඔවුන් ලිංගික, දේශපාලනික සහ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන් උත්පාදනය කිරීමට දරන සියලු උත්සාහයන් වැලැක්වීම සඳහා වඩාත් ශක්තිමත් filters ද දමා තිබෙනවා.

DALL-E මගින් genarate කළ ඡායාරූප

source:-

Beebom

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.