Categories

Amazon drive 2023 දී වසා දමයි

ඔයා amazon drive භාවිතා කරනවනම් මේ ආරංචිය ඔයාට හොද එකක් නම් නෙමේ. මොකද Amazon විසින් 2023දී amazon drive වසා දැමීමට සැළසුම් කර තිබෙන නිසා. google drive,apple iCloud හා සමාන වලාකුළු මත පදනම් වූ storage platform එකක් තමයි මේ amazon drive කියන්නේ.

සමාගම විසින් දැනටමත් පරිශීලකයන් හට email යැවීමට පටන් ගෙන තිබෙන අතර කල් තියාම ඔවුන්ට වෙනත් drive එකකට මාරු වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

Amazon drive වසා දැමීමට හේතුව ලෙස amazon පවසන්නේ photos/videos ගබඩා කිරීමට හැකි amazon photos වෙත අවධානය යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය වීම බවයි. ඒ අනුව සමාගම විසින් amazon photos දියුණු කිරීම සදහා කටයුතු කරන අතර එමගින් දැනට ජනප්‍රිය google photos සහ apple icloud photo library වෙතට තරගයක් ලබා දීමට ඔවුන් අරමුණු කරනවා.

2023 දෙසැම්බර් 31න් පසු amazon drive භාවිතා කිරීමට නොහැකි වන අතර 2023 ජනවාරි 31න් පසුව file uploading නැවැත්වීමට සූදානම් කර තිබෙනවා. amazon drive තුළ ඇති photos, videos ස්වයංක්‍රීයවම amazon photos තුළ සුරැකෙන අතර amazon drive තුළ ඇති අනෙකුත් files සියල්ල download කර වෙනත් cloud එකකට upload කිරීම අවශ්‍ය වෙනවා.

ඔයාට වෙනත් cloud drive එකක් සදහා මාරු වීමට අවශ්‍ය නම් අපි මීට කලින් දැමූ පහත article එක හරහා ගැලපෙන  cloud drive එකක් තෝරා ගන්න පුලුවන්.

හොදම cloud storage services

 

 

 

source:-

BEEBOM

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.