Categories

හොදම cloud storage services

ඔයා free cloud storage හොයනවනම් මේ වෙද්දි cloud apps සහ web sites වල අඩුවක් නැහැ. මොකද ගොඩක් සමාගම් නොමිලේ ගිගාබයිට් කිහිපයක cloud සේවාවක් ලබා දෙන නිසා. ඉතින් පහළ තියෙන්නේ නොමිලේ ලබා ගත හැකි හොදම cloud storage 4ක් පිළිබදවයි.

01.GOOGLE DRIVE

බොහෝ දෙනෙක් භාවිතා කරන විකල්පයක් තමා google drive පහසුකම. මොකද google drive මගින් නොමිලේ 15GB ගබඩා පහසුකමක් ලබා දෙන නිසා. google ගිණුමක් සෑදීම මගින් ඔයාට නොමිලේම google drive ලබා ගන්න පුලුවන්.

ඒවගේම මේකෙදි Gmail සහ google docs,sheets,slides ආදී සම්පූර්ණ google office style product සදහා ප්‍රවේශයද ලබා දෙනවා.

02.MICROSOFT ONEDRIVE

microsoft ගිණුමක් හරහා ඔයාට නොමිලේ මේකට ප්‍රවේශ වෙන්න පුලුවන්. onedrive සදහා ලියාපදිංචි වීමෙන් ඔයාට OneDrive හරහා 5GB storage පහසුකම මෙන්ම Office 365 පැකේජයේ ඇති යෙදුම් ගණනාවකට ප්‍රවේශය ලබාගන්න පුලුවන්.

03.MEGA

නොමිලේ වැඩිම storage පහසුකම් ලබාදෙන cloud සේවාවක් තමා mega එක. mega මගින් ඔයාට 20GB ක cloud storage පහසුකම ලබාදෙනවා.

google, microsoft වැනි office යෙදුම් පහසුකම් ලබා නොදුන්නත් mega ආරක්ශාව අතින් ඉහළ වෙනවා. ඔයා ඔයාගෙ තොරතුරු මෙගා වෙත upload කරන විට මෙගා මගින් ඔයාගෙ තොරතුරු encript කරනු ලබනවා. මේ නිසා වෙනත් අයෙකුට එම තොරතුරු දැකගත නොහැකි වෙනවා.

04. ICE DRIVE

cloud වෙළදපලට අලුත් උනත් ice drive විසින් නොමිලේ 10GB cloud පහසුකමක් ලබා දෙනවා. මේ සදහා ඔයා කරන්න ඕන ඔයාගේ email එක ලබා දීම පමණයි. mega මෙන්ම ice drive ද ආරක්ශාව අතින් ඉහළ මට්ටමක පවතිනවා.

 

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.