Categories

YouTube Vanced වෙනුවට විකල්ප 5ක්..!

Google මෑතකදි ඉතා ජනප්‍රිය තෙවන පාර්ශවීය ඇප් එකක් වන YouTube Vanced ඉවත් කිරීමට කටයුතු කරා.ඇප් එක ගැන කිව්වොත් මේකෙන් YouTube premium එකෙන් දෙන feature සේරම කිසිම ගාස්තුවකින් තොරව පරිශීලකයන්ට ලබාදුන්නා.

ඒත් Vanced ඉවත් කිරීමත් එක්ක YouTube වීඩියො බලන්න ඒ වගේ ඇප් එකක් හොයනවනම් මෙන්න ඒවගේ හොදම ඇප් 8ක්.

YouTube Premium

පලවෙනි හෙදම විකල්පය නම් YouTube premium subscription එක ගන්න එක.YouTube නිල යෙදුමේ අත්දැකීම ලබාගන්න මෙයින් පුලුවන්. ⁣
Premium subscription එකෙන් ඔයාට දැන්වීම් රහිත background playback හා offline downloads පහසුකම් ලබාගැනීමට හැකිවනවා.

වාසි –
° YouTube හි දැන්වීම් ඉවත් කිරීමට නිල මාර්ගය premium subscription කිරීම

° YouTube Music Premium සදහා ප්‍රවේශය

අවාසි –

° Vanced වල මෙන් brightness හා volume පාලනය සදහා Swipe controls මෙන්ම SponsorBlock නොමැති වීම

° පිරිවැය අධික වීම

NewPipe

Vanced වෙනුවට තියන හොදම විකල්පය තමයි NewPipe ඇප් එක.
NewPipe කියන්නෙ Google වල Framework libraries හෝ YouTube API මත රඳා නොපවතින Free හා Opensource YouTube සේවාදායකයෙක්. ඔබට Google mobile service (GMS) නොමැතිව NewPipe භාවිතා කරන්න පුලුවන්. ඔව් Huawei දුරකථන වල පවා ක්‍රියා කරනව වගේම Google account එකක් නැතිව උනත් ඇප් එක භාවිත කරන්න පුලුවන්.

දැන්වීම්-රහිත අත්දැකීම හැර, ඔයාට ඇප් එක තුළ විතරක් නෙවෙයි කෙලින්ම ඔයාගේ ඩිවයිස් එකටම වීඩියෝ download කරන්න NewPipe එකෙන් පුලුවන්.
ඒ වගේම ඔයාට subscription එක YouTube එකට import කරන්නත් පුලුවන්.

වාසි –
Free හා Open source YouTube client
දැන්වීම් නොමැති වීම
පෞද්ගලිකත්වය මූලික කරගත් modern interface

අවාසි-

Comment දැමීමට හා watch history sync කිරීමට නොහැකි වීම(google account එකෙන් sign විය නොහැකි වීම)

Download Newpipe

SkyTube

තවත් YouTube Vanced විකල්පයක් විදියට SkyTube ඉදිරිපත් කරන්න පුලුවන්. මේක NewPipe වගේම, Android උපාංග සඳහා free හා Open source YouTube සේවාදායකයක්. Google ගිණුමක් නොමැතිව SkyTube භාවිත කළ හැකි වනවා.

Skytube හා Skytube extra ලෙස ආකාර දෙකකින් Skytube සමන්විත වනවා.
Skytube සාමාන්‍ය ලෙස ක්‍රියා කරන අතර Skytube extra YouTube නිල player හා Cast සදහා සහය දක්වනවා.

Download SkyTube/ download SkyTube Extra

 

LibreTube

LibreTube කියන්නෙ පුද්ගලිකත්වයට හිතකර YouTube frontend Piped මත පදනම් වූන YouTube සේවාදායකයෙක්.
Playback අතරතුර වීඩියෝ ගුණත්වය හා ආකෘතිය තෝරා ගැනීමට අදාල Controls ලබා දෙන අතර Offline access සඳහා වීඩියෝ Download කිරීමටද පහසුකම් සලසනවා.

කෙසේ වුවත් LibreTube තවමත් බීටා මට්ටමේ පවතින නිසා දෝෂ ඇතිවීමට ඉඩ තිබෙනවා.
උදාහරණයක් විදියට උඩ වීඩියොව යටින් තියන ගැලපෙන්නෙ නැති විස්තරය දක්වන්න පු⁣ලුවන්.
ඉස්සරහට අලුත් Update එක්ක ⁣මේ දෝෂ අයින් වෙලා යන්නත් ඉඩ තිබෙනවා.

Download Libre Tube

 

uYouPlus – YouTube Vanced Alternative for iOS

iOS සඳහා YouTube Vanced විකල්පයක් හොයන අයට uYouPlus වැදගත් වෙන්න පුලුවන්. එය SponsorBlock integration, PiP integration හා VP9 කෝඩෙක් වැනි අමතර විශේෂාංග සහිත uYou හි නවීකරණය කරන ලද අනුවාදයකි. uYouPlus ඔයාගේ iPhone Jailbreak කිරීමකින් තොරව පවා ක්‍රියා කරනවා.

 

Download  for ios

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.