Categories

Malware අඩංගු තවත් ඇප් කීපයක් playstore තුලින් සොයාගනී..!

ආරක්‍ෂක පර්යේෂකයන් විසින් Google Play Store හි ජනප්‍රිය වී තිබූ Malware අඩංගු Android ඇප් විශාල ගණනක්  මෑතකදී සොයා ගනු ලැබුවා.

මෙම සතියේ, Dr. Web ආරක්‍ෂක කණ්ඩායම ට්‍රෝජන්, ඇඩ්වෙයාර්, ඔත්තු මෘදුකාංග සහ අනෙකුත් අනිෂ්ට මෘදුකාංග අඩංගු ජනප්‍රිය Android යෙදුම් 30ක් පමණ විස්තර කරමින් 2022 ජූනි මාසයේ ජංගම වෛරස් ක්‍රියාකාරකම් වාර්තාව ප්‍රකාශයට පත් කළ අතර විශේෂම දේ නම් වාර්තාවට අනුව  සමහර ඇප් සදහා Downloads සිය දහස් ගණනක් හෝ මිලියන ගණනක් තිබීමයි.
දැනට ගූගල් ඒවායින් බොහොමයක් ඉවත් කර ඇති නමුත් ඒවා බොහෝ උපාංගවල ස්ථාපනය කර තිබෙන්න පුලුවන්.
ඒක නිසා පහල දාලා තියන ඇප් වලින් එකක් හරි ඔයාගෙ phone එකෙ තියනවනම් හැකි ඉක්මනින් ඒක uninstall කරන එක තමා හොද.

මේ Malware ඇප්  හුගක් දුරට එන්නෙ photo editing,theme customization හා wallpaper ඇප් විදියට..

පරිශීලකයින් මෙම Malware ඇප්  ස්ථාපනය කළ පසු, ඇප් මගින් දැන්වීම් ප්‍රදර්ශනය කරමින් පරිශීලකයන්ගෙන් සැගව සිටිමින් අවශ්‍ය පරිශීලක තොරතුරු ලබා ගැනීමක් සිදු කරනවා.
මෙහිදී  එක් ඇප් එකක් විශේෂයෙන් WhatsApp පණිවිඩ ඉලක්ක කර තිබූ අතර තවත් ඇප් එකක් අනෙක් app notification තුලින් තොරතුරු ලබා ගනිමින් අමතර software download කර තිබුණා.

තවත් දරුණු ක්‍රියාකාරකම් කරමින් malware ඇප් එකකින් රහසිගතව පරිශීලක ඡායාරූප හා වීඩියො ලබාගෙන තිබූ අතර හැකර්වරුන්ට device text කියවීමට හා location track කිරීමට අවසර ලබාදී තිබුණා.

ෆේස්බුක් ගිණුම් හැක් කිරීම සඳහා තොරතුරු සොරකම් කරන අනිෂ්ට මෘදුකාංග ගැන ද ඩොක්ටර් වෙබ් විස්තර කල අතර ව්‍යාජ login interface එකක් නිර්මාණය කරමින් එයට පරිශීලකයන්ට ලොග් වන ලෙස පවසා තිබුණි.

සමහර malware මෘදුකාංගන කරදරකාරී දැන්වීම් පෙන්වන adware වලින් සමන්විත අතර ඔවුන්ට විවිධ දැනුම්දීම් පෙන්වන අතරම අනෙකුත් යෙදුම් සම්පූර්ණයෙන්ම අවහිර කරන full screen දැන්වීම් පල කිරීමට හැකි විය.
බාගත කළ පසු, මෙම වංචනික යෙදුම් පරිශීලකයින් රහසිගතව නිරීක්ෂණය කිරීමට සහ දත්ත සොරකම් කිරීමට විවිධ මාර්ගයන්ගෙන් අවසර ඉල්ලා සිටිය හැක.
Background run කිරීමට,
අනෙකුත් ඇප් තුල display කිරීමට
විමසීම් මේවාට ඇතුලත් වෙනවා.

Dr. Web සමාගම දැනුම් දීමෙන් පසුව Google විසින් බලපෑමට ලක් වූ යෙදුම් සියල්ලම පාහේ ඉවත් කර ඇති නමුත් කිහිපයක් තවමත් Play Store හි ඇත.

  • Photo Editor: Retouch & Cutout (de.nineergysh.quickarttwo)
  • Photo Editor: Art Filters (gb.painnt.moonlightingnine)
  • Photo Editor & Background Eraser (de.photoground.twentysixshot)
  • Photo Editor – Filters Effects (de.hitopgop.sixtyeightgx)
  • Emoji Keyboard: Stickers & GIF (gb.crazykey.sevenboard)
  • Neon Theme – Android Keyboard (com.androidneonkeyboard.app)
  • Fancy Charging (com.fancyanimatedbattery.app)
  • FastCleaner: Cashe Cleaner (com.fastcleanercashecleaner.app)
  • Call Skins – Caller Themes (com.rockskinthemes.app)
  • Funny Caller (com.funnycallercustomtheme.app

 

 

Source – techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.