Categories

Google Camera Go හි නවතම යාවත්කාලීනය තුලින් Low-budget ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලට Night Mode පහසුකම ලබාදෙයි.

Pixel දුරකථන වල වඩාත්ම ප්‍රිය කරන features එකක්  වනුයේ Night Mode පහසුකමයි. එම පහසුකම මගින්  ඔබගේ අඩු ආලෝක තත්වයේ පින්තූර දිවා කාලයේ ගත් ආකාරයට පැහැදිලිව ආලෝකය හසුරවා ගනි. මෙම විශේෂාංගය ගූගල් කැමරාවෙන් දැන් වසර කිහිපයක් තිස්සේ ලබා ගත හැකිය. නමුත් අද වන විට ගූගල් සමාගම සිය Camera Go app හරහා entry-level මට්ටමේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා විශේෂිත ‘Night Mode’ පහසුකම ගෙන ඒමට තීරණය කර තිබේ.

Camera Go app යනු නොදන්නා අය සඳහා ගූගල් විසින් මෙම වසර මුලදී අඩු RAM ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා එළිදක්වන ලද සැහැල්ලු කැමරා Application එකකි. එය සමාගමේ ජනප්‍රිය AI කැමරා විශේෂාංග budget දුරකථන වෙත සහය දක්වයි. Camera Go app විසින් දැනටමත් භාවිතා කරන්න් හ‍ට  ‘Portrait Mode’ ලබා දී ඇති අතර දැන් එය වැඩි දියුණු කරන ලද අඩු ආලෝක ( low-light )ඡායාරූපකරණය සඳහා update කිරීමක් හරහා ‘Night Mode’ එළිදැක්වීමට පටන් ගෙන තිබේ. අඩු ආලෝක තත්වයන් තුළ ඡායාරූප ග්‍රහණය කර ගැනීමට ඔබට තවදුරටත් ඔබගේ දුරකථනයේ ෆ්ලෑෂ්රය අත්‍යඅවශය්‍ය නොවනු ඇත.

කැමරාවේ ‘Night Mode’ ක්‍රියා කරන්නේ කෙසේද?

ගූගල්හි මෙම යෙදුම  මගින් ඔබ ෂටර් බොත්තම තට්ටු කරන විට කැමරා යෙදුම එම අවස්ථාවේ ඡායාරූප විශාල ප්‍රමාණයක් එක වරම ග්‍රහණය කර ගන්නා බවයි. මෙම ඡායාරූප පසුව ඒකාබද්ධ කර ඔබට දීප්තිමත් ‘Night Mode’ ඡායාරූපයක් ලබා දෙනු ඇත. මෙය බොහෝ උපාංගවලමෙම විශේෂාංගය ක්‍රියා කරන ආකාරය හා සමාන වන නමුත් ඔබ එය Night Sight’s capabilities පහසුකම සමඟ පටලවා නොගත යුතුය.තවද සාමානය  1GB RAM සහිත ඔබගේ low budget  දුරකථනයට  Night Mode හි හැකියාවන්ට ගැලපෙන පරිදි processing බලය සහ AI smarts පහසුකම් ලබාගැනිමට නොහැක.

“මෙම low budget  දුරකථනයන් ඇති  Camera Go app පරිශීලකයින්ට දැන් අඳුරු ආලෝකමත් ගෘහස්ථ අවකාශයන් හෝ එළිමහනේ වැනි අඩු ආලෝක පරිසරයන් තුළ පවා දීප්තිමත් හා වඩාත් නිවැරදි වර්ණවලින් උසස් තත්ත්වයේ පින්තූර ගැනීමට හැකි වනු ඇත” යනුවෙන් ගූගල් නිල බ්ලොග් සටහනක සඳහන් කරයි.

තවද කැමරාව වෙත HDR පහසුකම එකතු කිරීමත් සමඟ මෙම entry-levelදුරකථනවල පින්තූරයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ගූගල් බලාපොරොත්තු වේ., එය පළමුව රටවල් 27 ක Nokia 1.3පරිශීලකයින් වෙත යොමු වනු ඇත. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ මෙම නව පහසුකම් ලබා ගැනීම සඳහා ඔබට Google Play Store වෙත ගොස් Camera Go app – update කළ හැකිය.