Categories

Google ගෙන් search results තුල අනවශ්‍ය ඡායාරූප blur කිරීමේ විශේෂාංගයක්.

Google විසින් තම පරිශීලක ආරක්ෂාව සදහා ගෙනහැර ඇති නව පියවරයන් අතර මෙලෙස Search results තුල අනවශ්‍ය photos blur කිරීමේ option එක එකතු කර තිබෙනවා.

ඒ අනුව මෙම නව safe search option එක 18 ට අඩු දරුවන් සදහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර
අනෙකුත් පරිශීලකයන් හටද setting මගින් මෙය සක්‍රීය කිරීමේ හැකයාව පවතිනවා.

⁣මෙම blur image option එක on කර ඇති විටක Search results තුල අඩංගුවිය හැකි වැඩිහිටියන්ට පමණක් වන රුප, ප්‍රචණ්ඩත්වය නිරුපනය වන රැප ඇතුලු ඡායාරුප ස්වයංක්‍රීයව බොදවී ඇති ආකාරයට දිස්වනවා.

Google හි පැහැදිලි කිරීමේ ඡායාරූපයට අනුව යමකු safe search  on කර තුවාලයක ඡායාරූප සදහා Search කරන විට ⁣Search results තුල සංවේදි දර්ශන වලින් යුතු ඡායාරූප ස්වයංක්‍රීයව  බොද වී දිස්වනවා.
එම Blur image එක මත ක්ලික් කල විට manage setting හා view image ලෙස option දෙකක් පෙන්වනු ලබනවා.

View image මගින් පැහැදිලි ඡායාරූපය පෙන්වන අතර manage setting මගින් safe search off කිරීමට හෝ  සංවේදි ඡායාරූප ⁣කිසිසේත් නොපෙන්වීමට හො ඡායාරූප බොද කිරීමට ලෙස සැකසිය හැකි වනවා.

වයස අවුරුදු 18ට අඩු Log  වී ඇති පරිශීලකයින්ට මෙන්ම Log වී නොමැති පරිශීලකයන් හටද මෙය ස්වයංක්‍රීයව on කර තිබෙනවා
ප්‍රධාන වශෙයෙන් Google සහ යූ ටියුබ් ඇතුළුව සිය සේවා හරහා ළමයින් වඩා හොඳින් ආරක්ෂා කිරීමට කොන්ග්‍රසය විසින් කල බලපෑම් මත මෙලෙස Google 2021 අගෝස්තු මාසයේදී වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා එහි SafeSearch ක්‍රියාත්මක කළ අතර එහි නව වැඩිදියුණු කිරීමක් ලෙස මෙම Blur option එක ඉදිරි මාසය ඇතුලත ක්‍රියාත්මක කිරීමට නියමිත වනවා

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.