Categories

දකුණු කොරියානු නිර්මාණකරුවකුගෙන් තෙවැනි ඇසක්….

 

ජංගම දුරකථනය දිහා බලාගෙන පාරෙ ඇවිදිනකොට යම් අනතුරු සිද්ද වෙනවා ( බිත්ති,කණු වල හැප්පීම්,වාහන වල හැප්පිම් ) වගේ . ඉතින් මේකට උපහාසාත්මක විසදුමක් දකුණු කොරියානු නිර්මාණකරුවෙකු ඉදිරිපත් කරලා තියනවා.

28 හැවිරිදි paeng Min-wook විසින් නිපදවූ , “Third Eye” ලෙස නම්කර ඇති අතර මෙය නලලෙහි ගැටගසා ගත හැකි රොබෝ ඇසක්.

මේකෙදි වෙන්නෙ ඔයා දුරකථනය දිහා බලාගෙන ඇවිදිද්දි(දුරකථනයට බෙල්ල පහත් වෙලා තියෙද්දි) මේ Third Eye එක Automatically විවෘත වෙනවා. ඔයාට ඉස්සරහින් තියන බාධකයකට මීටර් 1-2 දක්වා ඔබ ලංවෙනකොට අනතුරු අගවන්න උපාංගය “බීප්” හඩක් නිකුත් කරනවා, එතකොට අපිට ඉස්සරහින් තියන බාධකය මගහැරලා යන්න පුලුවන්.

ස්මාර්ට් ෆෝන් වලින් අපගේ ඇස් ඉවතට ගන්න බැරි තරමටම එයට ඇබ්බැහි වෙලා හිංදා අමතර ඇස අනාගතයෙදි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

පෙන්ග් ගේ මේ නිපැයුමෙහි Gyro සංවේදකය මගින් පරිශීලකයාගේ බෙල්ලේ ආනත කෝණය හා අතිධ්වනි සංවේදකය භාවිත කරලා රොබෝ ඇස හා බාධකය අතර දුර ගණනය කරනවා.
සියලු සෙන්සර් බැටරි පැක් එකක් සමග Open Source single board microcontroller එකකට සම්බන්ධ කරලා තියනවා.

ඔහු සැලසුම් කරලා තියනවා Third Eye සදහා කැමරා මොඩියුල් එකක් හදලා mobile phone application එකකට ලින්ක් කරන්න.
නමුත් මේ නිපැයුම වාණිජකරණය කරන්නනම් ඔහුට කිසිදු සැලසුමක් මේ වන තෙක් නැහැ.

රාජකීය කලා විද්‍යාලයේ හා ඉම්පීරියල් විද්‍යාලයේ නවෝත්පාදන සැලසුම් ඉංජිනේරු විද්‍යාව පිලිබද ප්‍රශ්චාත් උපාධිදාරියෙකු වන පෙන්ග් සියොල් රොයිටර් සේවයට පැවසුවේ
ඇස් තුනකින් යුතු අනාගත මිනිසාගේ පෙනුම මෙය බවයි.

 

 

Article written by Sahan Nimesha Samarakoon