Categories

තම ads Bussiness සදහා කුලියට ගත් “Chaos Monkeys” හි කතුවරයා සමාගම හැර ගොස් ඇති බව Apple පවසයි

Apple Inc (AAPL.O) බදාදා කියා සිටියේ ඇපල් සමාගමේ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයේ වැඩ කිරීම සඳහා මෑතකදී ඇපල් සමඟ එක් වුනු හිටපු ෆේස්බුක් සමාගමේ (එෆ්බීඕ) නිෂ්පාදන කළමනාකරුවෙකු වන ඇන්ටෝනියෝ ගාර්ෂියා මාටිනස් තවදුරටත් සමාගම සමඟ නොමැති බවයි.

වෝල් වීදියේ වැඩ කිරීමෙන් පසු silicon valley වෙත පැමිණි ගාර්ෂියා මාටිනස්, තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ගත කළ කාලය ගැන 2016 දී “Chaos Monkeys” නම් ග්‍රන්ථය ලියා තිබුනු අතර ඔහු අප්‍රේල් මාසයේදි සමාගමේ දැන්වීම් ව්‍යාපාරයේ නිෂ්පාදන ඉංජිනේරුවෙකු ලෙස Apple සමග සම්බන්ධ වි තිබුනි.

ඇපල් සේවකයින් 2000කට වැඩි ප්‍රමාණයක් අභ්‍යන්තර පෙත්සමකට අත්සන් තබා සමාගමේ නායකයින් වෙත යවා ඇති බවට The verge තාක්ෂනික ප්‍රවෘත්ති ප්‍රකාශය පසුගිය බදාදා දින වාර්තා කරේය. එ්කෙදි ඔවුන් වැඩි සැලකිල්ලක් දක්වලා තිබුනෙ ගාර්ෂියා මාටිනස් බදවා ගැනීමේදී සමාගම තමන්ගේම නිතිරීති අනුගමනය කර ඇත්ද යන්න පිලිබදවයි.

ඇපල් සමාගම ගාර්ෂියා මාටිනස් තවදුරටත් සමාගමේ නොමැති බව ප්‍රකාශ කලත් වැඩිවිස්තරයක් ලබා දි නොතිබුනි.
තවදුරටත් ඔවුන් පවසන්නේ ඇපල්හි ඔවුන් හැමවිටම සියලුදෙනාටම ගෞරවයෙන් හා පිලිගැනීමකට ලක්වන සේවා ස්ථානයක් නිර්මාණය කිරිමට උත්සහ කල බවත් සමාගම තුල මිනිසුන් පහත් කොට සැලකීමක් නොකල බවයි.

කොහාම උනත් මේ ගැන හදිසි ප්‍රතිචාරයක් ගාර්ෂියා මාටිනස් කරලා නැ කියලා තමයි කියන්නෙ.

 

Article written by  Sahan Nimesha Samarakoon