Categories

disappearing messages සේව් කරගන්න Whatsapp ගෙන් විශේෂාංගයක්

whatsapp විසින් තම පරිශීලකයන් සඳහා Keep In Chat නමින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම විශේෂාංගය මඟින් පරිශීලකයින්ට disappearing messages  save කර තබා ගැනීමට හැකි වෙනවා. කෙසේ වෙතත් messages ලබන්නා හට එම disappearing messages save කරගත හැකි ද හෝ නොහැකිද යන්න තීරණය කළ හැකි වන්නේ අදාල messages යවන්නා හට පමණයි.

 

whatsapp විසින් blog post එකක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ අමතර ආරක්ශාවක් සහිත disappearing messages feature එක මගින් පරිශීලකයන්ගේ chat conversation වෙනත් අයෙකු අතට පත් වීම වැලැක්වුවත්, voice note හෝ වෙනත් වැදගත් පණිවිඩ පරිශීලකයන් හට ලග තබා ගැනීමට අවශ්‍ය බවයි.

” අද දින අප විසින් “Keep In Chat” නම් නව විශේෂාංගයක් හඳුන්වා දෙනවා. මේ හරහා ඔබට වැදගත් පණිවිඩ disappearing messages ක්‍රියාත්මක කර තිබුණත් ලග තබා ගත හැකියි.” යනුවෙන් whatsapp විසින් blog post එකක් නිකුත් කර තිබුණා.

යම් පුද්ගලයෙක් disappearing messages save කර ගන්නා විට එය, එම පණිවිඩය එවූ පුද්ගලයාට දැනුම් දෙන අතර එය පිළි ගැනීමට හෝ නොපිළි ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා.

මෙම විශේෂාංගයේ ප්‍රධාන කොටසක් ලෙස පණිවිඩ යවන්නා ඇතුළත් වෙන අතර මේ නිසා පණිවිඩය යවන්නා විසින් disappearing messages save කර ගත නොහැකි බව තීරණය කර තිබෙනවා නම් ලබන්නා හට එය save කරගත නොහැකි වෙනවා.

කෙසේ වෙතත් යවන්නා විසින් එය allow කරනවා නම් save කරගන්නා පණිවිඩ Kept messages folder නමින් whatsapp හී save වන අතර එය bookmark icon එකකින් සටහන් වෙනවා.  

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.