Categories

Whatsapp ගෙන් double verification code feature එකක්

whatsapp විසින් පරිශීලකයින්ගේ ආරක්ශාව වැඩිදියුණු කිරීම සදහා double verification code feature එකක් අත්හදා බලමින් සිටිනවා.

රූපයේ ආකාරයට නව feature එක නිසා අපගේ ගිණුමට වෙනත් දුරකථනයකින් සාර්ථකව ඇතුළු වුවත්, තවත් අමතර verification code එකකින් එය තහවුරු කිරීමට අවශ්‍ය වෙනවා.

මෙයට හේතුව මීට පෙර ව්‍යාජ ගිණුම් වලින් පරිශීලකයන් රවටා ඔවුන්ගෙන් දුරකථනයට එන 6 digit code ඉල්ලාගෙන ඔවුන්ගේ ගිණුම් hack කිරිමයි.

whatsapp ගිණුමට ඇතුළු වීමේ පළමු උත්සහය සාර්ථක වු විට එය අවසන් කිරීම සදහා තවත් 6 digit code එකක් අවශ්‍ය වෙනවා. මේ අවස්ථාවෙදි, එම දුරකථනයේ හිමිකරුට ඔවුන්ගේ ගිණුමට යමෙක් ඇතුළු වීමට දරන උත්සහය පිළිබද alert එකක් යවනු ලබනවා. මේ මගින් පරිශීලකයන් විසින් ඔවුන්ගේ ගිණුමට යමෙක් උත්සහ කරන බව දැනගන්නා අතරම ඔවුන්ගේ verification code නොයැවීමට සැළකිලිමත් වෙනවා.

whatsapp two step verification disable කර ඇති විට ඔවුන්ගේ ගිණුම් hack කිරීම වැළැක්වීම සදහා මෙය වැදගත් වෙනවා.

මෙය තවමත් සංවර්ධනය වෙමින් තිබෙන නිසා whatsapp සදහා ඉදිරියේදි නිකුත් කිරීමට නියමිතයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.