Categories

Phantom Galaxy යෙහි ලබාගත් පලමු බහු වර්ණාවලි ඡායාරූපය

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විවිධ තරංග ආයාම හරහා බහු අභ්‍යවකාශ දුරේක්ෂවලින් ලබාගත් ඡායාරූප ඒකාබද්ධ කරමින් phantom galaxy යෙහි විශ්මයජනක ඡායාරූපයක් එලිදක්වල තිබෙනවා.
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එලෙස ESA විසින් James Webb දුරේක්ෂයේ සහ හබල් දුරේක්ෂයේ දත්ත ඒකාබද්ධ කර නිර්මාණය කෙරුණු Messier 74  galaxyයෙහි සවිස්තරාත්මක ඡායාරූපයක්.

මෙම විශාල සර්පිලාකාර මන්දාකිණිය Phantom Galaxy ලෙසත් හැඳින්වෙනවා. එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 32 ක් පමණ දුරින් පිහිටා තිබෙන්නක්.

මෙහි රතු වර්ණයෙන් දූවිලි නියෝජනය වන අතර ලා තැඹිලි වර්ණයෙන් උණුසුම් දූවිලි නිරූපනය වනවා.
න්‍යෂ්ටික හරය හා  තරු නිල් පාටින් ද වයසින් වැඩි තරු කොළ සහ සියාන් පැහැයෙන් ද නිරුපනය කර තිබෙන අතර තරු සෑදීමේ සලකුණු  රෝස පැහැති ලප මගින් දැක්වා තිබෙනවා.

Webb දුරේක්ෂය මගින් Mid-Infrared Instrument (MIRI) භාවිතයෙන් ලබාගත් ඡායාරූපය

Webb විසින් M74 නිරීක්‍ෂණය කළේ එහි මධ්‍ය-අධෝරක්ත උපකරණය (MIRI) භාවිතයෙන් මන්දාකිනියේ arms වල වායුව සහ දූවිලි ඉස්මතු කරමිනි.එය මන්දාකිනියේ හරයේ ඇති න්‍යෂ්ටික තරු පොකුරේ  දර්ශනයක් ද බාධාවකින් තොරව ලබා දුන්නේය.
මේ අතර හබල් දුරේක්ෂයෙන්  සමීක්ෂණ සඳහා එහි උසස් කැමරාව (ACS) භාවිතයෙන් පාරජම්බුල කිරණ සහ දෘශ්‍ය තරංග ආයාමවල තියුණු රූප ලබා ගෙන තිබුණි.

Hubble          Hubble & James Webb           Webb

විද්‍යුත් චුම්භක වර්ණාවලිය හරහා ඇති දුරේක්ෂ වලින් දත්ත ඒකාබද්ධ කිරීම විශිෂ්ට ලෙස පෙනෙනවා පමණක් නොව, මෙම තාරකා විද්‍යාත්මක පැතිකඩෙහි අරුමපුදුම දේ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට විද්‍යාඥයින්ට උපකාර වනු ඇත.
Webb හි නිරීක්ෂණයන්ගෙන් විශේෂයෙන් තරු සාදන කලාප හඳුනා ගැනීමට සහ තරු පොකුරුවල වයස සහ ස්කන්ධය වඩාත් නිවැරදිව මැනීමට මෙන්ම අන්තර් තාරකා අවකාශයේ කුඩා දූවිලි කැටවල ව්‍යුහය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වනවා.

Source –techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.