Categories

OpenAI විසින් එහි co-founder සහ CEO වන Sam Altman ව සමාගමෙන් ඉවත් කරයි

OpenAI හී ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ වන Sam Altmen ව OpenAI සමාගමෙන් නෙරපා තිබෙනවා. ඒ සමාගමෙහි මණ්ඩලය විසින් ඔහු අවංක නොවන බවට චෝදනා කිරීමත් සමගයි.

OpenAI DevDay හි සෑම් ඇල්ට්මන් වේදිකාවේ.

ඒ අනුව පසුගිය සිකුරාදා දින OpenAI සමාගම නිවේදනයක් නිකුත් කරමින්
“Mr. Altman ගේ ඉවත් කිරීම එහි මණ්ඩලයේ සාකච්ඡාමය සමාලෝචන ක්‍රියාවලියක් අනුගමනය කරන අතර එහි නිගමනය වූයේ ඔහු සහ අධ්‍යක්ශ මණ්ඩලය සමග ඔහුගේ සන්නිවේදනයේදී නිරතුරුවම අවංක බාවයක් නොතිබීම නිසා එය වගකීම් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාවට බාධා කරන බවයි” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

“Mr. Altman’s departure follows a deliberative review process by the board, which concluded that he was not consistently candid in his communications with the board, hindering its ability to exercise its responsibilities,” 

වහාම ක්‍රියාත්මක වන පරිදි Chief Technology officer වන Mira Murati ව ප්‍රධාන විධායක නිළදාරී බවට පත් කර තිබෙන අතර සමාගමේ ස්ථීර CEO සඳහා පුද්ගලයෙකු සොයා බලමින් සිටින බව සමාගම පවසා තිබෙනවා.

සමාගමෙන් නෙරපීම ගැන Sam Altman විසින් X හී සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ, “මම OpenAI ගත කළ කාලයට ප්‍රිය කළෙමි. මම වඩාත් ආස කළේ එවැනි දක්ශ අය සමග වැඩ කරන්න. මීලගට ඇති දේ ගැන බොහෝ දේවල් කියන්න තිබෙනවා ” යනුවෙනුයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.