Categories

Meta ගෙන් ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 1 කට අනතුරු ඇගවීම්

Facebook හි මව් ආයතනය වන Meta විසින් මිලියන 1ක පරිශීලකයින්ට ඔවුන්ගේ Login details  අනිෂ්ට යෙදුම් හරහා සොරකම් කිරීමේ අවදානමට ලක්ව ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

මේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන්නේ  meta හි පර්යේෂකයින් විසින් පරිශීලකයන්ගෙ පුද්ගලික facebook login details සොරකම් කිරීමට නිර්මාණය කර ඇති Androin හා iOS Malware ඇප් 400කට වඩා සොයාගැනීමත් සමගයි.

Meta පැවසුවේ ඔවුන් හඳුනාගත් යෙදුම් Apple හි App store එකෙහි සහ Google Play Store හි games,photo editor, වැනි යෙදුම් ලෙස වර්ග කර ඇති බවත් ඒවා බාගත කර ගැනීමට පරිශීලකයන් පහසුවෙන් රවටා ඇති බවයි.

බොහෝ විට මෙම අනිෂ්ට යෙදුම් “ෆේස්බුක් සමඟ ලොගින් වීමට” පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින අතර පසුව ඔවුන්ගේ පරිශීලක නාමය සහ මුරපදය සොරකම් කරයි.

මෙටා මේ පිලිබදව ඇපල් සහ ගූගල් වෙත දැනුම් දි තිබූ අතර පසුව එම ඇප් ඉවත් කිරීමට ඇපල් හා ගූගල් කටයුතු කර තිබුණා.

ගූගල් ප්‍රකාශක එඩ්වඩ් ෆර්නැන්ඩස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “වාර්තාවේ හඳුනාගත් යෙදුම් තවදුරටත් ගූගල් ප්ලේ හි නොමැති බවයි.” කෙසේ නමුත් Apple හි නියෝජිතයන් ප්‍රතිචාර දැක්වූ නමුත් අදහස් දැක්වීමක් සිදුකර තිබුනේ නැහැ.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.