Categories

Whatsapp රහසිගතව අපගේ මයික්‍ර⁣ෆෝනයට ප්‍රවේශ වෙනවාද..?

 

පසුගිය දිනක ඉංජිනේරුවෙක් Twitter හි පලකලේ ඔහුගේ උපාංගයේ Whatsapp යෙදුම භාවිතයේ නොමැති විට මෙන්ම තමා නිදා සිටියදී පවා මයික්ර⁣ෆෝනයට ඇතුලත් වී ඇති බවයි.

එමෙන්ම ප්රශ්නය වැඩි කරමින් Elon musk පවා එයට ප්රතිචාර එක්කර තිබුනේ ” කිසිවකු විශ්වාස නොකරන්න, කිසිවක් ”

පසුව මධ්යම අමාත්ය රජීව් චන්ද්රසේකර් මෙම සිද්ධිය පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් බවත් රජය වහාම පරික්ෂාවක් අරඹන බවත් පැවසුවා. ඔහු Tweet කලේ ඩිජිටල් පුද්ගලික දත්ත ආරක්ෂන කෙටුම්පත සුදානමින් පවතින බවත් ඕනෑම පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ක්රියා කරන බවයි.

කෙසේ නමුත් Whatsapp මෙම ප්රකාශයන් දැනට ප්රතික්⁣ශේප කර ඇති අතර ඔවුන් පැවසුවේ මෙය Android හි Privacy dashboard එකෙහි වැරදි තොරතුරු පෙන්වන bug එකක් වියහැකි බවත් මෙය විමර්ශනය කරන ලෙස Google හට දැන්වූ බවයි.

එලෙසම පරිශීලකයන්හට Mic setting සදහා සම්පූර්ණයෙන්ම පාලනය ඇති බවත් Whatsapp මයික්ර⁣ෆෝනයට ප්රවේශ වන්නේ අවසර ලබාදුන් පසුව බවත් එයත් පරිශීලකයකු ඇමතුමක් ගන්නා විට voice message එකක් හෝ වීඩියෝ එකක් පටිගත කරන විට බවයි. එලෙසම මෙම සියලු සන්නිවේදනයක් end to end encrypted කර ඇති බවත් Whatsapp වලට එයට සවන්දිය නොහැකි බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා.

කෙසේ නමුත් Whatsapp වලට මෙය ආගන්තුක නොවන්නේ අතීතයේ සිටම මෙය පරිශීලක දුරකථන අංකය උපාංග තොරතුරු හා සම්බන්ධතාවන් වැනි දත්ත එහි මව් සමාගම වන Meta සමග බෙදා ගැනීම වැනි යම් යම් Privacy ගැටලු වලට මුහුණ දී ඇති නිසායි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.