Categories

Incognito Mode හා Private Browsing මගින් ඇත්තටම පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවාද….?

ඔබ web browser එකතුල incognito mode එක on කරලා සම්පූර්ණයෙන්ම පෞද්ගලිකත්වයක් ලබාගන්න පුලුවන් කියලා හිතනවද..?

ඔයා ආරක්ෂිත බ්‍රව්සර් එකක් use කරලා incognito mode හරි private browsing හරි සක්‍රීය කරත් internet එකට යනකොට තාමත් ඔයාව track වෙනවා, කොටින්ම incognito mode වගේ හැමදෙයක්ම පෞද්ගලිකත්වය රකින්න තරම් සුදුසු නැහැ.

ඉතින් මේ ලිපියෙන් මේවායෙහි අභ්‍යන්තර බාහිර අඩුපාඩු,ඒවා වැදගත් හා නොවැදගත් කම් විමසා බලමු.

private browsing හා incognito mode ප්‍රමාණවත් නොවන්නේ ඇයි..?

හැම වෙබ් බ්‍රව්සර් එකක්ම වැඩිදියුණු කල privacy mode එකක් ලබා දෙනවා. ඒවා සාමාන්‍යයෙන් private browsing mode,incognito mode,secret mode වගේ නමකින් හදුන්වන්නෙ.

අවාසනාවකට වගේ මේවා කිසිසේත්ම පෞද්ගලික වෙන්නෙ නැහැ. හැම වෙබ් බ්‍රව්සර් එකක්ම තමන්ගෙම mode එක ක්‍රියාත්මක කරන ආකාරවල වෙනස්කම් ඇති අතර මේවායෙහි ප්‍රධාන කාර්යයන් දෙයාකාරයි.

° Erase cookies from your browser
° Erase your browsing history from your browser.

ඔවුන් මේ සදහා හොද කාර්යයක් ඉටු කරත් අපේ වෙබ් බ්‍රව්සින් එක පුද්ගලික කරන්න තවත් හුගක් දේවල් අවශ්‍ය වෙනවා.
ඉහත දැක්වූ cookies, history මකලා දාන ඒවා යොදාගන්නෙ online tracking අවම කරගන්න.
කොහොම උනත් Private හෝ incognito browsing වලදි හුගක් අයව නොමග යැවීමක් වෙනවා.

“incognito” chrome පරිශීලකයන්ගෙන් ගූගල් වලට නඩු.

සාමාන්‍යයෙන් පරිශීලකයන් incognito මගින් වඩාත් ආරක්ෂාවක් ලබා දෙයි කියලා හිතුවත් බ්‍රව්සර් සමාගම් දේවල් දකින්නෙ වෙනස් විදියට.
ගූගල් වලට එරෙහිව ඩොලර් බිලියන 5ක නඩුවක් තියනවා google chrome “incognito mode” වලදි track වීම් පිලිබදව.

Google කුකීස් අත්හිටුවලා තිබුනත් නව ක්‍රමයක් සමග පරිශීලකයන් ලුහුබදින්න පුලුවන්.

ඔයා use කරන බ්‍රව්සර් එක අනුව හුගක් වෙලාවට incognito window එක වහලා දැම්මත් download හා bookmarks මැකෙන්නෙ නැහැ.

අනික් ගැටලුව ඔයාගෙ browsing history එක බලන්න පුලුවන් එකම තැන වෙබ්‍ බ්‍රව්සර් එක නොවීම.
ඔබගේ අන්තර්ජාල සේවා සැපයුම්කරුට(ISP) ඔබ online කරන සෑම දෙයක්ම බලන්න පුලුවන් වගේම දත්ත ඉල්ලන ඕනැම අයෙකුට ඒවා යවන්නත් පුලුවන්.

private browsing හා incognito mode මගින් ඔබගේ IP Address සගවන්නේ නැත.

නෙට් එකට connect වෙන හැම ඩිවයිස් එකකටම Unique IP එකක් තියනවා.එයින් location එකත් හෙලි කරනවා.
ඔයා online ඉන්න හැම වෙලාවෙම මේ IP එක broadcast වෙනවා ලෝකෙටම.ඉතින්,
පෞද්ගලිකත්වය සදහා මුලින්ම ඔයාලා කරන්න ඕනි IP එක හංගන එක.

නමුත් incognito හා private browsing වලදි අපෙ IP එක hide වෙන්නෙ නැහැ. මේ නිසාම ඔයාගෙ browsing history එක ආපහු ඔයාගෙ ඩිවයිස් එකටම සම්බන්ධ වෙනවා.

Less well known private browsing problems

දැනට ආවරණය කල ගැලටු වලින් එහාට ඔයාගෙ private browsing තොරතුරු වෙබ් බ්‍රව්සර් එකෙන් පිටදිත් හොයාගන්න පුලුවන් ක්‍රම කීපයක් පහත තියනවා

Logging in to a service

ඔබ incognito mode එක යටතේ website එකකටහරි service එකකටහරි log වෙනවනම් ඒ මෝඩ් එකෙදි උනත් ඔයා කවුද කියලා ඔවුන් දැනගන්නවා.
උදා. විදියට Amason,Facebook හෝ netflix වෙත පිවිසෙන්න.එතකොට ඔවුන් ඔබෙ අනන්‍යතාවය දැනගන්නවා.
Browsing කරන වෙබ්‍ බ්‍රව්සර් එක මොකක් උනත් logging වීමෙන් ඔවුන්ට අවශ්‍ය තොරතුරු සියල්ල ලැබෙනවා.

එය Google service එකටත් අදාල වෙනවා,
එයින් එකකට log වෙලා බලන්න
ගූගල් හට ඒ සේරම හරහා ඔබව track කරන්න පුලුවන්.

Leaving traces in your DNS cache

ඔයා බෙව් සයිට් එකකට යනකොට හරි IP එක බලන්න ඔයාගෙ ඩිවයිස් එක DNS සෙවීමක් කරනවා. එතකොට මේ search වල ප්‍රථිපල Cache එකක ගබඩා කරනවා.
Cache මගින් navigation speed up කරන්න හා DNS දත්ත ගබඩා කරන විශාල සේවා දායකවල බර අඩු කරන්න උපකාර වෙනවා.
හැම ඩිවයිස් එකකටම TTL Settings තියනවා.එයින් මකලා දාන්න කලින් Cache වල දත්ත කොච්චර කාලයක් සංරක්ෂණය කරලා තියනවද යන්න පාලනය කරනවා.

මෙයින් කාටහරි අපෙ ඩිවයිස් එකකට ඇක්සස් වෙන්න පුලුවන් නේද යන
ගැටලුව එනවා. නිවරදි දැනුමකින් අපෙ ඩිවයිස් එකට කවුරුහරි ඇතුල් උනොත් ඔහුට DNS cache එකට යන්න පුලුවන් වගේම එයින් අපි ගියපු හැම වෙබ්
එකක්ම බලන්නත් පුලුවන්.

Staying in private mode too long

ඔබට privacy mode එකක දිගු වේලාවක් රැදී සිටීම අවශ්‍ය නැහැ මොකද මේවා වැඩ කරන්නෙ අපි incognito window එකෙන් අයින් උන ගමන්ම history හා cookies මකාදමන්න.

එ්ක සිද්දවෙනකම් බ්‍රව්සර් එකේ private window එකේ මේ දත්ත රැදිලා තියනවා,
ඉතින් මේ ගැටලුව අවමකරන්න හැම වෙලාවෙම අලුත් එකක් විවෘත කිරීම කරන්න පුලුවන්.

Private Browsing mode වැදගත්වන අවස්ථා

° ඔයා වෙනත් කෙනෙකුගෙ ඩිවයිස් එකක් use කරනකොට private browsing mode එක ⁣භාවිත කිරීමෙන් ඔයාගෙ history හා cookies අනෙක් පුද්ගලයා එක්ක මිශ්‍ර වීම වලක්වා ගන්න පුලුවන්.

° ඔයා පවුලේ ලැප්ටොප් එකෙන් shopping කරනකොට shopping history එක save වෙන එක හරි advertisement වලට බලපැමක් වෙන එක වලක්වා ගන්න මේක යොදාගන්න පුලුවන්.

° ඔබ පෞද්ගලික දෙයක් search කරනකොට private browsing mode එකක සෙවීමෙන් (පසුව window එක close කිරීමෙන්) ඩිවයිස් එක පාවිච්චි කරන අනික් අයට එම තොරතුරු නිරාවරණය වීමවලක්වා ගන්න පුලුවන්.

Use a secure browser that protects your privacy.

Privacy එකත් එක්ක වෙබ්‍ බ්‍රව්ස් කරන්න හොදම දේ තමයි හොද වෙබ්‍ බ්‍රව්සර් එකක්.
එ් වගේම ඒක Advertisement වලට ඩේටා එකතු කරන tool එකක් වෙන්නත් පුලුවන්. එනිසාම වෙබ් බ්‍රව්සර් එකක් තෝර ගද්දි හොදට හොයා බැලීමක් කරන්න වෙනවා.

Use a VPN(virtual private network)

අනික් වැදගත්ම දේ තමා VPN. උසස් තත්වයේ VPN මගින් incognito mode අවදානම් වලට විසදුමක් ලබාදෙනවා.

° අන්තර්ජාලය හරහා encrypted tunnel එකක් නිර්මාණය කරයි.
මෙයින් ඔයාගෙ ඩිවයිස් එක හා අන්තර්ජාලය අතර ගමනාගමනයට බාධා කිරීම මගින් පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමෙන් වලක්වයි.

°DNS සෙවීම් Encrypts කරයි.
ඔබගේ අන්තර්ජාල සේවා සැපයුම්කරු ක්‍රියාත්මක වන DNS භාවිත කරනවා වෙනුවට VPN මගින් ඔබේ DNS සෙවීම් encrypt කර ඔවුන්ගේ ආරක්ෂිත DNS වෙත යවයි. ඒකෙන් අදහස් වෙන්නෙ ඔයා නෙට් එකේ කොහෙට ගියත් ඒක පටිගත කරන්න ISP ලට ඒ සෙවීම් භාවිතා කරන්න බැහැ වගේම කවුරුහරි බලෙන් ඩිවයිස් එකට ඇක්සස් උනත් අපෙ ඩිවයිස් එකේ DNS cache එකක් නොමැති බවයි.

° Hide your IP

ඔබ පිවිසෙන අඩවි වලට ඔබේ IP එක VPN මගින් සගවයි. මෙයට VPN මගින් ඔවුන්ගේම IP එකක් ආදේශ කරනවා.
මේ IP අපිට Unique විදියට පවරාදෙනවා වෙනුවට හැම දෙනාම ඒක බෙදාගන්නවා. ඒක නිසා ඔබ ඇතුල් වෙන page රෙකෝර්ඩ් කරන්න පුලුවන් උනත් ඒ වාර්ත⁣ාව අදාල කාටද කියලා එයාලා දන්නෙ නැහැ. කෙලින්ම කිව්වොත් ඔවුන් දන්න එකම දේ කවුරුහරි වෙබ් අඩවියට ඇතුල් වෙන්න VPN එකක් use කරා කියලා විතරයි.

Use an ad blocker

Incognito mode එකේ තිබුනත් දැන්වීම් හා ට්‍රැකර් තවමත් බ්‍රවසර් එකේ load වෙනවා.
ඉතින් වෙලද දැන්වීම්ජාල හා ඒවායෙ ආක්‍රමණශීලී trackers වලින් ආරක්ෂා වීමට Ad blocker එකක් use කරන එක තමා හොදම.

Article written by Sahan Nimesha Samarakoon