Categories

එලොන් මස්ක්  Twitter icon එක වෙනුවට  doge icon එක ආදේශ කරයි…!

Elon Musk විසින් Twitter හි Blue bird  ලාංඡනය ඉවත් කර ඒ සදහා  meme photo එකක් මෙන්ම Cryptocurrency හි Dogecoin icon එකද වන Doge icon එක ආදේශ කර
තිබෙනවා.

Social media හි ජංගම හා ඩෙක්ස්ටොප් Home page තුල Twitter ලාංඡනය සදුදා රාත්‍රියේ සිට Shiba බල්ලෙකුගේ ඡායාරූපයකින් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම වෙනස් කිරීමත් සමග එම Cryptocurrency හි මිල 25% කින් ඉහල ගොස් තිබෙනවා.

 Dogecoin එකල ජනප්‍රිය doge meme එකක් මත පදනම් වූ අතර, එහි වර්ණවත් විකට පෙළකින් වට වූ Shiba Inu බල්ලෙකු ඇතුළත් වෙනවා. එය විහිලු ස්භාවක් ගතතතද Dogecoin වල දැන් වටිනාකම ඩොලර් බිලියන 13කටත් වඩා වැඩි අගයක් ගන්නවා.

එලෙසම පරිශීලකයෙකු පසුගිය වසරේ Musk හට Twitter එකකින් පවසා තිබුනේ Twitter මිලදීගෙන එහි Icon එක Doge icon  එකට වෙනස් කරන ලෙසයි.
එය පිස්සුවක් යැයි එදින musk විසින් reply කර තිබුනද
දැන් ඔහු එය නැවත පල කර තිබෙන්නේ ” පොරොන්දු වූ විදියටම ” යනුවෙන්.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ට්විටර් අත්පත් කර ගැනීම සඳහා මස්ක්  ඩොලර් බිලියන 44 ක් (පවුම් බිලියන 35 ක්) ගෙවා තිබෙනවා.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.