Categories

Twitter හි SMS 2FA සදහා ගෙවීමට සිදුවන ලකුණු..!

Twitter හි අනෙක් platformහි මෙන් පරිශීලකයන්හට ද්වි සාධක සත්‍යාපනය (2FA) හරහා ගිණුම ආරක්ෂිත කරගැනීමට ක්‍රම තුනක් තිබෙනවා.

ඒ sms/ Authenticater app හා  Security key මගිනුයි.
මැතකදී මෙම SMS සත්‍යාපන ක්‍රමයේ ජනප්‍රියත්වයත් සමග හැකර්වරුන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වීම නිසා ⁣වැඩිවන SMS 2FA සුරාකැම් මැඩපැවැත්වීමට Twitter මෙලෙස  එහි Twitter blue ග්‍රාහකයින්ට පමණක් මෙම SMS සත්‍යාපන ක්‍රමය ලබාදිමට සුදානම්ව තිබෙනවා.

ට්විටර් මෙම සතිය මුලදී සිය නිල බ්ලොග් අඩවියේ වෙනස නිවේදනය කළේ  පරිශීලක ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත්බව උපුටා දක්වමින්.

දැනට නොගෙවූ ගිණුම්වල SMS මත පදනම් වූ 2FA ඉවත් කිරීම පෙබරවාරි 15 ​​බදාදා නිවේදනය කරන අවස්ථාවේ සිට බලාත්මක කල අතර ඔවුන්ට මුදල් ගෙවා මෙම SMS සත්‍යාපනය ලබාගැනිමට හෝ ගිණුමේ අවදානම් තත්වයන් මගහැරීමට අනෙක් විකල්ප දෙක ⁣වෙත මාරුවීමට දින 30ක් ලබාදී තිබෙනවා.

⁣මේ පිලිබද අදහස් දැක්වූ සමහර පරිශීලකයින් Twitter හි SMS මත පදනම් වූ 2FA වෙතින් ඉවත්වීම අගය කර ඇති අතර, එය ගිණුම් ආරක්ෂණ පියවරයන් හි ධනාත්මක පියවරක් බව පවසා තිබෙනවා

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.