Categories

Battlegrounds Mobile ගේම් එක සදහා සති දෙකක් තුල ඉන්දියාවේ Pre Registrations මිලියන 20ක්.

No description available.

PUBG Mobile තහනමින් මාස 6කට පසු එහි මව් සමාගම වන ක්‍රාෆ්ටන් විසින් Battleground mobile ගේම් එක නව මුහුණුවරකින් ගෙනෙන බව නිවේදනය කර තිබුනා.

Krafton විසින් Battleground mobile ගේම් එක මැයි 18 වෙනිදා PlayStore එකේ ලිස්ට් කරලා pre register දාලා තිබුනා. 18 වෙනිදා ඉදන් අද වෙනකන් pre registration මිලියන 20කට අධික ප්‍රමාණයක් ලැබී තියන අතර ආරම්භක දිනයේ requests මිලියන 7.6කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියනවා.

Battleground IP එකට ලොව පුරාම ක්‍රීඩකයන්ගෙ ආදරය හා ප්‍රසාදය හිමි වූ නිසාම Krafton දිගටම IP මත බිල්ඩ් කරන්න තීරනය කරලා තියනවා.
ඒ වගේම මේකෙන් players ලට අසමසම Battle royale අත්දැකීමක් ලබාදෙන්නත් ඔවුන් සූදානම්.

Battleground mobile ගේම් එක ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වූ PUBG ක්‍රීඩාවට විකල්පයක් වෙන්න පුලුවන්.

එහෙම උනත් එ්ක නිකුත් කරන්න කලින් Battleground mobile ගේම් එකට ඉන්දියාවෙ දේශපාලන ගැටලු රැසකට මුහුණ දෙන්න වෙලා තියනවා.

එනිසාම Krafton Players ලගෙන් ඉල්ලිමක් කරලා තියනවා මේ Title එක PUBG Mobile එකත් එක්ක සම්බන්ධ නොකරන ලෙසට.

මේ වන තුරු නිකුත් කිරීමේ දිනයක් දිනයක් නොමැති අතර එය පසු දිනයක අනාවරණය කරන බව පැවසුවා.
ඒ උනත් ස්‍ුප්‍රසිද්ධ ස්ට්‍රීමර්ස් හා ESPORT වෘත්තිකයන් වන MortaL හා TSM Entity Ghatak නිකුත් කිරීමේ දින පිලිබද ඉගි පලකල අතර ඔවුන්ට අනුව ජූනි මැද දිනයක මේක release වෙයි කියලා හිතන්න පුලුවන්.

 

Article written by  Sahan Nimesha Samarakoon