Categories

ඩේටා නැතුවත් ඩිවයිස් එකේ Speech recognition සමග වැඩ කරන Apple Siri

ඇපල් වල Digital assistant වන Siri හි iOS 15 default මගින් audio සැකසෙනවා, එයින් අදහස් වෙන්නෙ ඔබට අන්තර්ජාල සබදතාවකින් තොරව වුවත් මේ විශේෂාංගය භාවිතා කල හැකි බවයි.
එසේම මෙම වැඩිදියුණු කිරීම Siri වේගවත් කර තිබෙනවා.

එසේම device එක තුල ශව්‍ය සැකසීමට Siri භාවිතා කිරීම වඩාත් පුද්ගලික බවයි ඇපල් පවසන්නේ.

ඇපල් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුනේ මෙය voice assistant සදහා ඇති ලොකුම privacy ගැටලුවක් බවත් එය අනවශ්‍ය ශ්‍රව්‍ය පටිගත කිරීමක්ද වන බවයි.

කොහොම උනත් ඔබට අන්තර්ජාල සබදතාවකින් තොරව web searching වගේ දේවල් කරන්න බැරි උනත් සංගීතය පාලනය කිරීම්, ඇප් විවෘත කිරීම්, ටයිමර් සැකසීම් වගේ සරල Navigation කටයුතු සදහා digital assistant භාවිතා කරන්න පුලුවන්.

ඒ වගේම මේ විශේෂාංගය ලබාගන්න පුලුවන් වෙන්නෙ A12 Bionic චිපය සහිත හෝ ඊට පසු Iphone හා ipad වලට පමනයි.

ඒ කියන්නෙ
iphone XS,XS Max හා XR; iphone 11, 11 pro, 11 pro max හා iphone SE( second generation) ; iphone 12,12mini,12 pro හා 12 pro max; ipad Mini( fifth generation); ipad Air( third and fourth generation) හා ipad( eighth generation) හා zero apple watch වල භාවිතා කරන්න පුලුවන්.

Article written by Sahan nimesha samarakoon