Categories

ගූගල් වල පලවෙනි Retail store එකට යමුද..?

දැන් බැලුවොත් ඇපල් වල ලෝකෙ පුරාම සිල්ලර වෙලදසැල් 500කට අධික ප්‍රමාණයක් තියනවා. මයික්‍රොසොෆ්ට් සතුවත් වෙළදසැල් රාශියක් තිබුනත් දැන් ඇත්තේ අතලොස්සක් විතරයි.සැම්සුන්හි පවා Covid 19 වසංගතය නිසා වසාදාන්න කලින් සිල්ලර වෙළදසැල් දක්නට ලැබුනා.

ගූගල් සමාගම සිය පලමු ස්ථිර වෙළදසැල ඊයෙ විවෘත කල අතර එහි හාත්පසින් වෙනස් වීමක් දක්නට ලැබුනා.

ගූගල් මුහුණ දෙන පලවෙනි ගැටලු⁣ව වෙන්නෙ ප්‍රමාණවත් නිශ්පාදනයන්ගෙන් ගබඩාව රැස් කරගැනිම. කොහොම උනත් ඒ ගැන පස්සෙ කතාකරනකම් දැන් යමු වෙළදසැල පැත්තට…

මුලින්ම ඔයා දොරෙන් ඇතුල් වෙද්දි ගූගල්ට දන්වන්න ඕනි මේක සාමාන්‍ය වෙළදසැලක් නෙමේ කියන එක.
ඇතුලෙදි වෙනස් පුටු,සෙල්ලම් බඩු,ක්‍රීඩා ඇතුලු අද්විතීය අත්දැකීමක් ලබාගන්න පුලුවන්.

එක් කාමරයකදි Pixel phones වල Night mode Capabilities ගැන අවධානය යොමුවෙනවා.
Nighttime cityscape සහිත Pixel phones ඇති බිත්ති සහිත අදුරු කාමරයකට ඔබට ඇතුල්වෙන්න පුලුවන්.එහිදි එම දුරකථන මගින් එහිදි ජායාරුප ගන්න අතර ඔබ එයින් පිටවීමේදි phone වල QR code එකක් ඩිස්ප්ලේ වෙනවා. එයින් ඔබට එහි අත්දැකීමේ ජායාරූප Download කරගැනීමට පුලුවන්.


තව කාමරයක ⁣plush chair,wall mounted TV හා Game console රාශියක් දකින්න පුලුවන්.
කිසිම game consoles එකක් හා computer towers නොමැතිව සුපිරිම ගේමින් අත්දැකිමක් ගන්න හොදම ,Stadia කාමරය තමා මේක.
මේකෙදි තියන එකම කරදරේනම් google සේවකයෙක් සැරින් සැරේ උදව්වක් අවශ්‍යද කියලා අහන එකයි අනික් අය ගේම්ස් එක ප්ලේ කරන්න ඉන්නවා කියලා මතක් කරන එකයි විතරයි.


Living room එකක් ලෙස සැකසූ කාමරයක්ද මෙහි ⁣තිබෙනවා.
මෙහිදී Google next product හා Google assistant ඔබේ ගෘහ ජීවිතය පහසුකරගන්නා ආකාරය පිලිබද අදහසක් ලබා දෙනවා.
දොර ලග ඉන්නෙ කවුද කියලා පරික්ෂා කිරීම,කාමරයේ උෂ්ණත්වය වෙනස් කිරීම,විදුලි පහන් සක්‍රීය කිරීම වැනි දේවල් සදහා voice command ,ලබා දෙන්න ස්වයංක්‍රීය පද්ධතිය ඔබට උපදෙස් දෙනවා.

අවසානයේ විවේක ගැනීමට,මිතුරන් සමග කතා කරන්න හෝ යම් වැඩක් කරන්න Group space එකක් තියනවා.