Categories

Xiaomi වල ඉස්සරහට එන Sound Charging තාක්ෂණය

රැහැන් රහිතව ආරෝපණය කල හැකි Air Charge technology එක සමච්චලයකට ලක්වීමත් එක්ක,” China National Intellectual Property Administration “වෙබ් සයිට් එකෙන් සොයාගත් නව පෙටන්ට් බලපත්‍රයකට අනුව Xiaomi නව Charging Technology එකක හෙවත් Sound Charging Technology එකක් සදහා වැඩ කරන බව පේන්න තිබුනා.

ඉතින් මොකද්ද මේ Sound Charging කියන්නෙ..?

පෙටන්ට් එකට අනුව මෙයින් ශබ්දය හරහා උපාංග ආරෝපණය කරගැනීමේ හැකියාව පවතිනවා.
සැකසුම තුල ශබ්ද ආරෝපණ උපාංගයක්(Sound Charging device), බලශක්ති ගබඩා උපාංගයක්(energy storage device) හා විද්‍යුත් උපාංගයක්( electronic device) ඇතුලත් වෙනවා.
ඒවගේම ශබ්ද ආරෝපණ උපාංගය ශබ්ද එකතු කිරීමේ උපකරණයක්,බහු බලශක්ති පරිවර්තන උපාංග හා බල පරිවර්තන උපාංගයකින් සමන්විත වෙනවා.

මෙම ශබ්ද එකතු කිරීමේ උපකරණය මගින් පරිසරයේ ඇති ශබ්දය යාන්ත්‍රික කම්පන බවට පත්කරන අතර යාන්ත්‍රික කම්පනය බලශක්ති උපාංගයට ගෙනයනු ලබනවා.
මීට අමතරව බලශක්ති පරිවර්තන උපාංගය යාන්ත්‍රික කම්පනය AC බවට පරිවර්තනය කරයි. එවිට බල පරිවර්තන උපාංගය මෙම ප්‍රත්‍යාවර්ත ධාරා ආදානය DC බවට පරිවර්තනය කරලා ඩිවයිස් එක ආරෝපණය කරනවා.

පේටන්ට් එක කියන්නෙ පරිශීලකයන්ට Power socket එකත් එක්ක Connect නොවී ඩිවයිස් එක ආරෝපණය කරන්න පුලුවන් කියලා.

මේකෙ කාර්යක්ෂමතාව ගැන බලාගන්න ඒක වාණිජමය විදයට එනකන් බලන් ඉන්න වෙනවා.

ඉතින් සේරම පේටන්ට් බලපත්‍ර ගොනු කිරීම් වගේම මේක කවදා එලිදක්වයිද කියලා සහතියක් තාම නැහැ.
කොහොම උනත් Xiaomi සිය අනාගත රැහැන් රහිත ආරෝපණ තාක්ෂනය තම සෑම නිශ්පාදනයන් සමගම ඒකාබද්ධ කරන විදියනම් අනිවාර්යයෙන් සිත්ගන්නාසුලු එකක් වෙයි.