Categories

පැය 6කින් චිප්සෙට් Design කරන AI Software එක

ගූගල් මිනිසෙකුට වඩා වේගයකින් පරිගණක චිප්සෙට් නිර්මාණය කල හැකි කෘතිම බුද්ධිය හා සම්බන්ධ මෘදුකාංගයක් නිර්මාණය කරන්න සමත් වෙලා තියනවා.
එයට මිනිසෙකුට මාසගනනක් ගතවන චිප්සෙට් එකක “Floorplan”එක පැය 6ක් තුල පහසුවෙන් සැකසීමට හැකිවනවා.

ඒ අනුව සමාගම මෙම AI මෘදුකාංගය, වඩාත්දියුණු AI පද්ධති නිර්මාණය කිරිමට භාවිතා කලහැකි චිප් සෙට් නිර්මාණය කිරීමට යොදාගනු ලබනවා.

නව මෘදුකාංගයට චිප්සෙට් එකක Floorplan එක පහසුවෙන් සකසන්න පුලුවන් කිව්වනෙ, මේ Floorplan එක කියන්නෙ සිලිකන් සිස්ටම් එක මත පදනම් වුන චිප් එකක මූලික සැලැස්ම.
මේකෙන් චිප්සෙට් එකක CPU,GPU හා Memory unit වල ප්‍රශස්ථ ස්ථානගත කිරීම තීරණය කරනු ලබනවා.

චිප් එකක Floorplan එක සැලසුම් කරන්න මෘදුකාංගය එය විසින්ම ඉගෙනීම් භාවිත කරනු ලබනවා.
මිනිස් ඉංජිිනේරුවන් සාමාන්‍යයෙන් නිර්මාණය කිරීමට සංරචක පිලිවෙලට සකස් කරත් මෙය වඩාත් විසිරුනු ප්‍රවේශයක් ගන්නවා.
මෙයින් අදහස් කරන්නෙ ඒක සාම්‍ප්‍රදායෙන් මිදී ක්‍රියා කරන අතරම සැලසුම සම්පූර්ණ කිරීමට පෙර CPU,GPU හා Memory unit අහඹු ලෙස ස්ථානගත කරනවා.


මෘදුකාංගය සංවර්ධනය කිරීමෙන් පස්සෙ Google machine learning system වල සම ප්‍රධානීන් වන Azalia Mirhoseini හා Anna Goldie පැවසුවේ මෙම ක්‍රමය Google TPU වල Next Generation Production වලට යොදා ගන්නා බවයි.ඒවගේම අනාගතයේ අති නවීන චිප්සෙට් සැලසුම් කරන්නත් මෙය භාවිතා කරන බව සදහන් කර තිබුණා.

කොහොම උනත් මේක Semiconductor industry එකට ඉදිරියේදි විශාල බලපෑමක් කරනු ඇති බවත් ඔවුන් සදහන් කලා.
සමාගමට එහි නවතම AI පද්ධතිය භාවිතා කර Whitechapel චිප්සෙට් සමග වැඩ කල හැකි චිප්ස් මාලාවක් සැලසුම් කරන්න පුලුවන්.
එය එලබෙන පික්සල් 6 බලගැන්වීමට එන ගූගල් වල පලවෙනි ජංගම චිප් සෙට් එක වෙන්න පුලුවන්.