Categories

අගෝස්තු මාසයේදී ලෝකයටම Starlink broadband internet – එලෝන් මස්ක්

එලොන් මස්න් කියන්නෙ ඕනවටත් වඩා සුබවාදී පොරොන්දු දෙන කෙනෙක්නෙ. ඔහු MWC 2021 දි Starlink හි අනාගතය ගැන වැදගත් ප්‍රකාශයන් කිහිපයක් කරා.
Tesla හි CEO වන එලොන් මස්ක් අගෝස්තු වල ස්ටාර්ලින්ක් ලොකෙ පුරා ලබාදෙන්න අපේක්ෂා කරනවා විතරක් නෙවෙයි එය නිකුත් කරලා මාස 12 තුල පරිශීලකයන් 500 000 කට වඩා සිටිනු ඇති බවටත් ඔහු විශ්වාස කරනවා.

එය තවමත් beta වල පවතින අතර Starlink Broadband භාවිතා කරන්නන් දැනට 70 000 ආසන්න සංඛ්‍යාවක් සිටින නමුත් අගෝස්තු මාසයේ සිට එය වැඩිවනු ඇති බවත් අපේක්ෂා කරනවා.
ඒ වන විට මස්ක් ලොව පුරා ආවරණය කරමින් කක්ෂීය ගුවන් යානා 72 දියත් කිරීමට නියමිත අතර එයට තවත් මාස 6ක් ගතවනු ඇති බවයි පැවසෙන්නෙ.

MWC 2021 දි එලොන් මස්ක් Starlink පරිශීලකයන්ගේ සංඛ්‍යාවන් බෙදාගත් අතර මාස 12 තුල පරිශීලකයන් 500 000 වඩා සිටිනු ඇති බවට කියා සිටියා.
අනෙක් අතට කියනව නම් 2022 අගෝස්තු වන විට ගනුදෙනුකරුවන් 430 000 Sign විය යුතු වෙනවා.

Starlink දැනට රටවල් 11කට ලබා ගත හැකි අතර ඒ සදහා මසකට ඩොලර් 99 වැය වනවා. නමුත් පරිශීලකයන්ට තවමත් Starlink dish හා WiFi router ඇතුලත් Hardware Bundle එක සදහා ඩොලර් 500 ගෙවිය යුුතු වනවා.
මීලග නිශ්පාදනයන්ට අඩු පිරිවැයක් දැරීමට කටයුතුකරන බැවින් එය ඩොලර් 250-300 අතර මිලකට අඩුවනු ඇතැයි පැවසෙනවා.

එලොන් මස්ක්ගේ සැලසුම සාර්ථක වීමට කලාපීය රටවල ⁣ටෙලිකොම්වල අනුමැතිය
Starlink වෙත අවශ්‍ය වනවා.
CEO එලොන් මස්ක් ප්‍රකාශ කලේ SpaceX දැනටමත් ප්‍රධාන රටවල් දෙකක් සමග හවුල් වී ඇතත් ඒවා මොනවාදැයි නිශ්චිතව දක්වලා නැහැ.