Categories

web sites හරහා ලබා ගත හැකි පහසුකම්

අපිට විවිධ වෙලාවල් වලදී එක එක ඇප්ස් අවශ්‍ය වෙනවා.
Ex: video ඩව්න්ලෝඩ් කරගන්න, convert කරගන්න,photo වල background remove කරගන්න…….. වගේ ගොඩක් දේවල් වලදි අපිට භාවිතා කරන්න වෙන්නේ විවිධ ඇප්ස්. මොකද මේ සියලු දේවල් තනි ඇප් එකකින් කරගන්න පහසුකම් ලබා දීලා නැති නිසා.

මේ පහසුකම් තියෙන විවිධ ඇප්ස් play store හරහා ලබා ගන්න පුලුවන් උනත් සමහර වෙලාවල් වලදී,
*size එක විශාල වීම
*data නොතිබීම
*phone එකේ storage space නොමැති කම
*බාගත කරත් අවශ්‍ය පහසුකම් නොමැති වීම
වගේ දේවල් වලට ගොඩක් අය මුහුණ දෙනවා.

ඒත් මේ ඇප්ස් වලින් කර ගන්න පුලුවන් ගොඩක් දේවල් web sites හරහා online කරගන්න පුලුවන්කම තියෙනවා..
මේකෙදි,
* අඩු ඩේටා ප්‍රමාණයක්( for loading web sites and downloading) අවශ්‍ය වීම
* phone එකේ storage space නොමැති වීම ගැටළුවක් නොවීම
*අවශ්‍ය පහසුකම් web site එක හරහා ලබා ගත හැකි වීම
වගේ දේවල් නිසා ඇප්ස් භාවිතා කරනවට වඩා ලේසියෙන් web sites භාවිතා කරල අපිට අවශ්‍ය දේවල් කරගන්න පුලුවන්.
මේකෙ තවත් වාසියක් තමා වෙබ් බ්‍රව්සර් එකෙන් අදාල වෙබ් සයිට් එක ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකට ඇඩ් කරගන්න පුලුවන් වීම.

පහළ තියෙන්නේ ඔයාලට web sites හරහා online ලබා ගන්න පුලුවන් පහසුකම් කිහිපයක්

Youtube video download

ඔයා යූටියුබ් වීඩියෝ එකක් බලද්දි ඒක ඩව්න්ලෝඩ් කරගන්න ඕන නම් උඩ තියෙන වීඩියෝ එකට අධාල ලින්ක් එකේ youtube.com කියන තැන youtubepp.com කියල වෙනස් කරගන්න. එතකොට අදාල වීඩියෝ එක mp3 හෝ mp4 වලින් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්.

web site link

fb video download

ඔයා fb යද්දි බලන වීඩියො එකක් ඩව්න්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් ඔයාට මේ සයිට් එක භාවිතා කරන්න පුලුවන්. ඒත් සමහර විඩියෝස් ප්‍රයිවට් තිබුණොත් ඔයාට ඇප් එකක් ඩව්න්ලෝඩ් කරගන්න වෙනවා.

web site link

video converter

ඔයාට ඔයා ගාව තියෙන වීඩියො එකක් හෝ යූටියුබ් වීඩියො එකක් mp3 වලට convert කරගන්න ඕන නම් මේ සයිට් එක පාවිච්චි කරන්න පුලුවන්.

web site link

image converter

ඔයා ගාව තියෙන image එකේ ෆෝමැට් එක jpg නෙමේ නම් ඔයාට එ image එක jpg වලට convert කරගන්න පුලුවන් මේ සයිට් එක හරහා

web site link

mp3 cutter

ඔයා ගාව තියෙන සිංදුවක කොටසක් වෙනම ගන්න ඕනිනම්, ringintone එකක් හදාගන්න ඕනි නම් මේ සයිට් එක භාවිතා කරන්න පුලුවන්.

web site link

▶remove background

ඔයාගෙ ෆොටො එකක background එක remove කරගන්න අවශ්‍ය නම් පහල සයිට් එකෙන් කරගන්න පුලුවන්.

web site link

google translate

ඔයාට තේරෙන්නැති භාශාවක වචනයක් හරි වාක්‍යක් හරි සිංහලට හරවගන්න මේ සයිට් එකෙන් පුලුවන්.

link:

currency convert

ඔයාට අවශ්‍ය මුදල් ඒකක මේකෙන් convert කරගන්න පුලුවන්. google එකේ currency convert කියල ගහල හෝ doller 1 convert sri lanka rupees කියල ගහලත් මේක කරගන්න පුලුවන්.

link

unicode convert

ෆොටෝ වල සින්හල ටයිප් කරද්දි තමා මේක අවශ්‍ය වෙන්නේ. මොකද නිකම් ටයිප් කරල font style වෙනස් කරන්න බැරි නිසා. ඔයාට ටයිප් කරගන්න ඕන එක මේකෙ ගහල convert කරල එන unicode එක ෆොටො එකෙ ටයිප් කරල ෆොන්ට් ස්ටයිල් වෙනස් කරගන්න පුලුවන්.

link

calculator & calander

ඔයාට ඇප් එකක් නැතුවම ඔයාට අවශ්‍ය ගාණක් හදාගන්න සහ අද දවස බලාගන්න පුලුවන්කම තියෙනවා.

google එකෙ ඔයාට අවශ්‍ය ගාණ (134+758),(252×636) ටයිප් කරල සර්ච් කරානම් අදාල උත්තරය පෙන්නනවා.
ඒ වගේම today date කියල ගැහුවොත් අද දවසත් මේකෙ පෙන්නනවා.

web site translate

ඔයාට වෙබ් සයිට් එකක තියෙන ෆුල් නෝට් එකක් ට්‍රාන්ස්ලේට් කරගන්න අවශ්‍ය නම් මේක google translate සයිට් එක හරි ඇප් එක හරි හරහා කරගන්න අමාරුයි.
මේක ලේසියෙන්ම කරගන්න පුලුවන් chrome බ්‍රව්සර් එකෙන්. අදාල සයිට් එකට ගිහින් දකුනු පැත්තෙ උඩ තිත් තුන ඔබල ඒකෙ යට තියෙන translate එක එබුවනම් ඔයා ඉන්න සයිට් එකම ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා බලාගන්න පුලුවන්.

create zip file & unzip file

සාමාන්‍යයෙන් zip file එකක් extract කරගන්න ඇප් එකක් අවශ්‍ය වෙනවනේ. මේ සයිට් එකෙන් ඔයාට ෆයිල් එකක් zip කරගන්න වගේම zip file එකක් extract කරගන්නත් පුලුවන්කම තියෙනවා.

create zip file.

extract zip file.

hide videos or photos without apps
ඔයාට ෆොටෝ එකක් හරි වීඩියො එකක් හරි hide කරන්න ඕන නම් වගේම video hide app එකක් ගන්න ෆෝන් එකෙ storage එකත් මදිනම් පහල විදියට ලේසියෙන්ම ඔයාට සින්දු,වීඩියෝ,ෆොටෝ හයිඩ් කරගන්න පුලුවන්.

* ඔයා පාවිච්චි කරන ෆයිල් මැනේජර් ඇප් එකට යන්න
*ඔයාට හයිඩ් කරගන්න ඕන එක තෝරගන්න.( එකක් හෝ කිහිපයක් )
* ෆයිල් එක සිලෙක්ට් කරල රිනේම් කරන්න තෝරන්න.
*අදාල ෆයිල් එකේ නමට පස්සෙ තියෙන ෆෝමැට් එක රිනේම් කරල හරි වෙන නමක් හරි දාන්න.
ex:- wallpaper.jpg →→ wallpaper හෝ wallpaper.jpg.tt විදියට.

දැන් ගැලරියට ගිහින් බලන්න වීඩියො එක ගැලරියෙ පෙන්නන්නෙ නැහැ. ඔයාට ආය ඒක හදාගන්න ඕන නම් ෆයිල් නේම් එක කලින් විදියටම හදාගන්න. wallpaper.jpg විදියට.

written by Chamika Sahan Samarakoon