Categories

Kharkov, Ukraine - March 24, 2021: Youtube logo concept close-up, red background

වීඩියෝ Zoom කල හැකි YouTube හි අලුත් විශේෂාංගය

වීඩියෝ විශාලනය කල හැකි අලුත් Feature එකක් youTube විසින් premium පරිශීලකයන් සමගින් පරික්ෂා කරමින් ඉන්නවා.
ඒලෙසම මෙම විශේෂාංගය portrait හා full screen landscape view යන දෙකෙහිම ක්‍රියා කරනු ලබනවා.
පරිශීලකයන්ගේ අදහස් ලබාගැනීමට හා නිකුත් කිරීමට පෙර අදාල දෝෂ නිවරදි කිරීමට මෙය සැප්තැම්බර් 1 වනදා දක්වා පරීක්ෂන මට්ටමේ තබාගැනීමටයි සමාගම සැලසුම් කර තිබෙන්නෙ.

ඔබ දැනටමත් youtube premium පරිශීලකයෙක් නම්
Setting වලින් try new feature කියන ඔප්ශන් එක බලාගන්න පුලුවන්. දැනට පරික්ෂා කිරීමට පවතින එකම විශේෂාංගය වෙන්නෙ zoom feature එක.
මේ feature එකෙන් ඔබට 8×දක්වා zoom කිරීමේ හැකියාව පවතිනවා.
ඇන්ඩ්‍රොයිඩ් සහ iOS මත විවිධ මාර්ගයන් ඔස්⁣ේ YouTube හි අන්තර්ගතයන් විශාලනය කිරීමට දැනටමත් ක්‍රම ඇති නමුත් ඒ සදහා native feature එකක් තිබීම ඉතා පහසුවක්.

 

 

Source –  the verge

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.