Categories

Windows 11 features වින්ඩෝස් 10 එකට ගමු..!

වසර ගානක් පුරා නිකුත් කෙරුනු වින්ඩෝස් අතරින් Windows 11 අත්‍යවශ්‍ය අංගයන්ගෙන් හා ආකර්ෂණීය UI යුක්ත විශිෂ්ට මෙහෙයුම් පද්ධතියක් බවට පත්වෙමින් තිබෙනවා.

අද ලිපියෙන් බලමු 10 එකට කොහොමද 11 features ගන්නෙ කියලා.

1. Centered Taskbar

Windows 11 වල එක් ප්‍රධාන අංගයක් වෙන්නෙ Flyout launcher එකක් සහිත Centered taskbar එකයි. ඔයාට windows 10 එකට 11 taskbar ගන්න බැරි උනත් අනිවාර්යයෙන්ම Taskbar එක මැදට ගන්න පුලුවන්.
Taskbar එක center කරන්න හා තවත් Customization සදහා TaskbarX නමින් ජනප්‍රිය ඇප් එකක් තිබෙනවා.
සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්න.

2. Run Android Apps on Windows

Android app සහය නිලවිදියට දැන් Windows 11 එකට පැමිනෙනවා. නමුත් Emulator එකක් මගින් windows 10 වලත් ඔබට Android app run කිරීමට පුලුවන්.
පහත දැක්වෙන්නෙ එවැනි Emulator කීපයක්.

• BlueStacks
•Gameloop(tencent gaming buddy)
•LDplayer
•MEmuPlay
•Nox Player

3.Modern File Explorer

Windows 11 වල File explorer තුල ලොකු වෙනසක් දක්නට නැති උනත් එය ආකර්ෂණීය Mica Effect එකක් හා Context menu එකක් සමග ඇවිත් තිබෙනවා.

ඉතින් ඔයාලට Windows 10 වල Modern File Explorer එකක් use කරන්න ඕනි නම් Microsoft store එකෙහි ඇති File app එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ඒක ටැබ් සහය ඇතුලුව සිත් ඇදගන්නා ක්‍රියාකාරී ගොනු ගවේශකයක් වනවා.

4. Modern UI Elements

Windows 11 හි WiFi,Bluetooth වලට කනෙක්ට් වෙන්න,සවුන්ඩ් ඇජෙස්ට් කරගන්න නව Flyout quick setting panel එකක් තිබෙනවා.
Windows 10 සදහා එවැනි පෙනුමක් ලබාගන්න නම් එකම පිලිතුර “ModernFlyout”

එමගින් Action center එක replace නොකරත් Sound,Brightness හෝ airplane Mode Hotkey එකක් press කරන විට තියුණු කොන සහිත metro UI එක වෙනුවට වටකුරු කොන සහිත ModernFlout UI එක ලබාදෙනවා.

5.Get Widget panel On windows 10

මෙයනම් වින්ඩෝස් 10 හි මැතක නිකුත් කල “News and interest” feature එකෙහි නවීකරනය කල virson එකක්.

ඔබ Windows 10 20H2,2004 හෝ 21H1 රන් කරනවනම් Taskbar එකෙන් Widget panel එකට යන්න හැකියාව තිබෙනවා.
Taskbar එක මත Right Click කර News and interest එක on කිරීමෙන් මෙය ලබාගන්න පුලුවන්.

6.Refreshed Offiece Apps

මැතකදී Microsoft නවතම UI වෙනස්කම් සමග office insider build එකක් නිකුත් කලා.
ඒ සමග Word හා Powerpoint ඇතුලුව microsoft office ඇප් වලට දැන් වටකුරු කොන්, නව සජීවිකරණ වඩා හොද UI පරිමාණයන් සහ තවත් හුගක් දේවල් පැමිණ තිබෙනවා. හොදම දේනම් මෙය windows 11 වලට පමණක් සීමා නොවී 10 වෙතටත් පැමිණීමයි.

මේ සදහා ඔබට beta channel එකේ office insider එකත් එක්ක join වෙන්න සිද්ධ වෙනවා.
එයට එක් Office ඇප් එකක් ඕපන් කරගෙන ” Account > Office Insider> join beta channel” අවසාන වශයෙන් “Office Update යටතේ ඇති Update Now එක ක්ලික් කරන්න.

7.Windows 11 Wallpaper

Microsoft next gen os එකෙහි හොදම දේනම් එහි ඇති Wallpaper ටිකයි.

Motion,Flow,Sunrise හා Glow ලබාගන්න පුලුවන් හොදම Desktop wallpaper වෙනවා.
Wallpaper ටික ගන්න මෙතනින් යන්න.

8. New Microsoft Store

නව microsoft store එක windows 11 වලට පමනක් සීමා උනද Microsoft පැවසූවේ එය Windows 10 සදහාද පැමිනෙන බවයි.

කාලය ගත් විට windows 10 users හට නව microsoft store එක සැප්තැම්බර් මාසයට පෙර හෝ Windows 11 stable build එක නිකුත් කිරීමෙන් පසුව ලබාදෙන්න හැකියවක් පවතිනවා.
ඒ වගේම විශේෂම දේ නම් සමහර විට Windows 10 සදහා Native app සහයද ගෙන එන්න නියමිත වනවා.