Categories

whatsapp වලට එන caption for document

whatsapp විසින් 2GB file sharing limit හදුන්වා දුන්නට පසුව දැන්, whatsapp documents වැඩි දියුණු කිරීම සදහා යවත්කාලීනයක් සිදු කරමින් ඉන්නවා. මෙමගින් පරිශීලකයන්ට documents share කිරීමට කලින් caption එකතු කිරීමට හැකියාව ලැබෙනවා.

ඉහත තිබෙන්නේ whatsapp beta for desktop තුළින් ලබා ගත් ඡායාරූපයක් වන අතර මෙම feature එක තවමත් සංවර්ධනය වෙමින් පවතිනවා. whatsapp හරහා documents share කිරීමේදී අපට caption එකක් එකතු කිරීමේ හැකියාව ලැබෙනවා. මෙමගින් යවන ලද හෝ එවන ලද documents පහසුවෙන් හදුනා ගත හැකි වෙනවා. මෙහි interface එක whatsapp හරහා media share කිරීමේදී දකින්න තිබෙන interface එකට බොහෝ දුරට සමාන අතර media share කිරීමේදි caption එකතු කරන ආකාරයටම document share කිරීමේදීත් caption එකතු කළ හැකියි.

මෙම caption එක දැනට සංවර්ධනය වෙමින් පවතින අතර ඉදිරියේදි මෙම caption for documents feature එක whatsapp beta for android, iOS සහ desktop සදහා පැමිණීමට නියමිතයි.

source

Wabetainfo

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.