Categories

Twitter Blue Tick එක දැන් මාසිකව ඩොලර් 8 ක⁣ට…!

 

මේ වනවිට Elon Musk ට්විටර් හි සත්‍යාපිත ගිණුම් සඳහා ඔහුගේ සැලසුම් සකස් කර ඇති අතර පෙර සදහන් කල පරිදි සත්‍යාපන ලකුණ රදවා තබා ගැනීමට Twitter වෙත දායකකත්වයක් සැපයීම අව්‍ශ්‍ය වනවා.
මෙය මුලින් $20 පැවතියද නව තීරණයකින් එය 8$ දක්වා අඩු කර අතරම ග්‍රාහකයින් සදහා නව ප්‍රතිලාභ කීපයක්ද එමගින් හදුන්වා දී තිබෙනවා.

ට්විටර් හි සම්පූර්ණ සත්‍යාපන ක්‍රියාවලිය නවීකරණය වෙමින් පවතින බව මස්ක් සති අන්තයේ තහවුරු කළේය. පරිශීලකයින්ට අමතර විශේෂාංග ලබා දෙන මසකට ඩොලර් 4.99 ක විකල්ප සේවාවක් වන ට්විටර් බ්ලූ වෙත දායකත්වයක් අවශ්‍ය වනු ඇතැයි වාර්තා කල අතර එය මසකට ඩොලර් 20 දක්වා වැඩි වනු ඇති බවට දැන්වීය.

කෙසේ නමුත් ප්‍රධානවශයෙන් ස්ටීවන් කිං ඇතුලු බොහෝ සත්‍යාපිත පරිශීලකයන් එයට එරෙහිව කතා කල අතර පසුව ප්‍රතිචාර වශයෙන් මස්ක් පිලිතුරු දුන්නේ ටිවිටර් හට දැන්වීම්කරුවන් මත පමණක් විස්වාසය තැබිය නොහැකි බවත් මසකට $8 ප්‍රමානවත් දැයි ප්‍රශ්නයක් යොමු කරමින්.

එම මිල රට අනුව සකස් කෙරෙනු ඇති අතර Twitter Blue නව විශේෂාංග කිහිපයක් ඉදිරිපත් කර ඇත. ග්‍රාහකයින්ට replies, mention සහ Twitter හි සෙවුම් විශේෂාංගය තුළ ප්‍රමුඛත්වය හිමි වනවා. මීට අමතරව, ග්‍රාහකයින්ට දිගු වීඩියෝ සහ ශ්‍රව්‍ය පළ කිරීමට හා Subscription ලබා නොමැති අයගේ මෙන් අඩක් පමණක් දැන්වීම් දිස්වනවා.

වැඩි විස්තරයකට නොගොස්, ට්විටර් බ්ලූ සමාගමට ආදායම් මාර්ගයක් ලබා දෙන බවත් එය නිර්මාණකරුවන්ට ප්‍රතිලාභ ලබා දීමට භාවිතා කරන බවත් මස්ක් පැවසීය.

ඔහු පැහැදිලි කිරීමට අපොහොසත් වූ තවත් දෙයක් වූයේ ට්විටර් බ්ලූ දායකත්වවලට සම්බන්ධ වීමෙන් ඔබ්බට සත්‍යාපනය ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි.
ලියාපදිංචි වන ඕනෑම අයෙකු සත්‍යාපනය කරනු ඇති බව පෙනෙන අතර වෙනත් අයෙකු සත්‍යාපනය කිරීමට අදාල මුදල් ගෙවා ප්‍රසිද්ධ චරිතයක් ලෙස පෙනී සිටියහොත් කුමක් සිදුවේදැයි ඇසූ විට මස්ක් පැවසුවේ එය දැනටමත් නිතර සිදුවන දෙයක් බවයි.

කෙසේ නමුත් එය ක්‍රියාත්මක කිරීමට පෙර සත්‍යාපනය සඳහා ගෙවීමේ ක්‍රමය පිටුපස ඇති තාර්කිකත්වය තවදුරටත් පැහැදිලි කරන බව මස්ක් පැවසූ අතර, එය “bots හා trolls පරාජය කිරීමට ඇති එකම ක්‍රමය” බවත් ඔහු පැවසුවා.

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.