Categories

සයිබර් අපරාධකරුවන්ගෙන් ට්විටර් පරිශීලකයන් රැසකට Phishing mail රැසක්..! – අවදානයෙන් සිටින ලෙස දැනුම්දෙයි

හැකර්වරුන් ප්‍රහාර දියත් කිරීමට යොදාගන්නා එක් ප්‍රධාන මාර්ගයක් නම් ජනප්‍රිය නවතම ප්‍රවෘත්තියි.

Twitter හි Blue tick verification එක සදහා මසකට 20$ අයකිරීමට සූදානම් බව එලොන් මස්ක් පැවසූ පුවතට පසුව එය හැකර්වරුන්ගේ ප්‍රහාර සදහා ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙනවා.
ඒ අනුව මෙම අපරාධකරුවන් විසින් එම ක්‍රියාවලියේ කොටසක් බව හගවමින් spam mail යැවීම ආරම්භ කර තිබෙනවා.

මස්ක් මෑතකදී නිවේදනය කළේ නව ට්විටර් හිමිකරු ලෙස, ඔහුගේ පළමු කාර්යය වන්නේ සත්‍යාපන ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කිරීමයි. වාර්තා වලට අනුව, මෙයට Twitter Blue බවට පත් කිරීම ඇතුළත් වේ – පරිශීලකයින්ට අමතර විශේෂාංග ලබා දෙන මසකට $4.99 විකල්ප දායකත්වයක් අය කරන Twitter Blue ඇතුලත්.
කෙසේ නමුත් දැනටමත් සත්‍යාපනය කර ඇති අයට දායක වීමට හෝ ඔවුන්ගේ සත්‍යාපිත තත්ත්වය නැති කර ගැනීමට දින 90ක් ලබා දෙනු ඇති.

මෙහි මෙම වාසිය ලබාගනිමින් හැකර්වරුන් විසින්
ඔවුන් ප්‍රසිද්ධ පුද්ගලයෙකු බව තහවුරු කරමින් Blue tick එක සදහා ගෙවිය යුතු නැති බවත් පවසමින් Spam mails යැවීමට පටන් ගෙන තිබෙනවා.

එය Spam ලෙස හදුනා ගත හැකි වචන හා Style එකට අමතරව එය නිල domain එකකට වඩා වෙනස් වන Twittercontactcenter@gmail යන mail එකකින් ලැබෙන නමුත් බොහෝ පරිශීලකයන් මෙයට හසු වනු නොඅනුමානයි.

මෙම Spam mail එකෙහි Provide Information ක්ලික් කිරීමෙන් google docs පිටුවකට පරිශීලකයන් රැගෙන යන අතර එහි Google web අඩවියක link එකක් අඩංගු වනවා.
මෙය Google’හි phishing detection tools මග හැරීමට නිර්මාණය කර ඇති අතර මෙහි පරිශීලකයන්ට ඔවුන්ගේ ගිණුමේ පරිශීලක නාමය මුරපදය හා දුරකථන අංකය ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිනවා.

යමෙකු two factor authentication on කර තිබීමෙන් ඔවු⁣න්ගේ ගිණුම අවදානමකට ලක් වීමෙන් වැලකුණද වෙනත් වෙබ් අඩවියකට එම මුරපදයම භාවිත කර තිබුණහොත් එම අවදානම පරිශීලකයන් හට පවතිනවා.

TechCrunch විසින් ඔවුන්ට අනතුරු ඇඟවීමෙන් පසුව Google විසින් එම වෙබ් අඩවිය ඉවත් කල නමුත් මස්ක් ට්විටර් හි වෙනස්කම් ක්‍රියාත්මක කරමින් සිටින බැවින් මෙවැනි තවත් වංචාවන් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකියි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.