Categories

Sony විසින් DualSense Edge නිකුත් කරමින් microsoft හී Xbox elite එකට පිළිතුරු දෙයි

2015 දී සිය පලමු Xbox Elite controller එක නිකුත් කළ microsoft සමාගම හට මෙම වසරේදි ප්‍රතිචාර දැක්වීමට Sony සමාගම සමත් වී තිබෙනවා. ඒ නව PlayStation 5 එකක් වන DualSense Edge controller නිකුත් කිරීමත් සමගයි.

Sony සමාගම විසින් ගිය අගහරුවාදා දින පැවති විවෘත රාත්‍රී සජීවී මාධ්‍ය හමුවේදී එළිදක්වන ලද Gamescom Dualsense Edge controller එක standard controller එකකට වඩා high- end experience එකක් වගේම උසස් අත්දැකීම් ද ලබා දෙනු ලබනවා.

2015 දී Microsoft නිකුත් කළ Xbox One Elite හී premium-based controller මගින් ක්‍රීඩකයන්ට Reassing buttons, Adjust stick sensitivity හා customize trigger වැනි නව අත්දැකීම් හා නව කාර්යන් රැසකට අවස්ථාව හිමි වුණා. මේ නිසා sony හී Edge controller එකද Elite එකේ ආකාරයටම adjustable buttons, sticks, triggers, සහ නව back buttons සමගින් පැමිණෙන බව ඔවුන් තහවුරු කරනවා.

Sony සමාගම විසින් ඔවුන්ගේ Edge controller ඉදිරියේදි එළිදක්වන බව ප්‍රකාශ කළ අතර කෙසේ වෙතත් මෙහි මිළ ගනන් තවමත් ප්‍රකාශ කර නැහැ.

source:-
TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.