Categories

Avatar නැවතත් වේදිකාවට…

ගොඩක් අය මග බලන් ඉන්න Avatar පළමු චිත්‍රපටියේ දෙවැනි ඇරඹුම avatar : the way of water මේ දෙසැම්බර් නිකුත් කරන්න කටයුතු සූදානම් කරලා තිබ්බත් ඔවුන් විශාළ ගැටළුවකට මුහුණ දීලා තියෙනවා. මොකද මේ Avatar 2 නිකුත් වෙන්නේ වසර 13කට කලින් නිකුත් වුණු පළමු චිත්‍රපටියේ sequel එකක් විදියට නිසා බොහෝ අයට avatar පළමු චිත්‍රපටිය අමතක වීම කියන කාරණාවයි.

ඉතින් මේ නිසා ජේම්ස් කැමරන් සහ කාර්‍ය මණ්ඩලය මේකට විසදුමක් ලබා දීල තියෙනවා. ඒ Avatar 1 නැවතත් සිනෙමා හල් වලට නිකුත් කරන්න කියලා. ඉතින් මේ නිසා මේ සැප්තැම්බර් 23 සිට පුරා සති දෙකක කාලයක් Avatar (2009) සිනෙමා හල් වල බලන්න හැකියාව ලබා දීල තියෙනවා. ඒවගේම මේ චිත්‍රපටිය  IMAX,4K / HDR සහ 3D ඇතුළු සියළු formats වලින් පෙන්වන්න සූදානම් කරලත් තියෙනවා.

මේකෙ අනෙක් කාරණාව තමා Disney විසින් ඔවුන්ගේ desney plus streaming service එකෙන් Avatar පළමු චිත්‍රපටිය ඉවත් කිරීම. ඒ වගේම ඔවුන් Avatar 1 නැවත ලබා දෙන දිනයක් සදහන් කරලා නම් නැහැ.

මේ කාරණා කොහොම වුණත් avatar 1 සිනෙමා හල් වලට ලබා දිලා චිත්‍රපට ලෝලීන්ට සුපිරි අත්දැකීමක් ලබා දෙන්න ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ Avatar 2 එකට ලෑස්ති වෙන්නයි.

source:-

THE VERGE

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.