Categories

ඇපල් සමාගමේ් ඉංජිනේරුවකුට වසර 10ක සිර දඩුවම්..!

මෙලෙස ස්වයංක්‍රීයව ධාවනය වන වාහන රහස් ⁣සොරකම් කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා තිබෙන්නෙ Xiaolang Zhang කියන ඉංජිනේරුවා.

ඔහු 2015- 2018 අතර සමාගමේ ස්වයං-රියදුරු මෝටර් රථ අංශයේ සේවය කල අතර එහිදී වෙළද රහස් සොරකම් කිරීමට චෝදනා ලැබුවා.

2018 දී බීජිං බලා පිටත්ව යන විට ෆෙඩරල් නියෝජිතයිය් විසින් සැන් ජෝස් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ෂැන්ග් අත්අඩංගුවට ගත් අතර Apple හි 24GB දත්ත AirDrop හරහා ඔහුගේ බිරිඳගේ ලැප්ටොප් පරිගණකයට මාරු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.
සමාගමේ ස්වයංක්‍රීය ධාවනය වන වාහන මූලාකෘතියට අදාළ තාක්ෂණික අත්පොත් සහ PDF සමඟ පරිපථ පුවරුවක ඉංජිනේරු ක්‍රමවේද අඩංගු පිටු 25ක ලේඛනයක් එම ගොනුවලට ඇතුළත් වි තිබුණා.
ඇපල් හි ස්වයංක්‍රීය වාහන සංවර්ධන විද්‍යාගාරයෙන් Zhang දෘඩාංග ඉවත් කරන අයුරුද කැමරාවට හසු වි තිබුණු අතර පසුව එය පරිපථ පුවරු සහ ලිනක්ස් සේවාදායකයක් ලෙස හඳුනා ගැනුනා.

එලෙසම Zhang 2018 දී ඔහුගේ Apple manager හට පවසා ඇත්තේ ඔහු සමාගමෙන් ඉවත් වී චීනයට ගොස් චීන EV ආරම්භක Guangzhou Xiaopeng Motors Technology, aka Xpeng සඳහා වැඩ කරන බවයි.

 

CNBC ට අනුව සැන් ජෝස් ෆෙඩරල් උසාවියේදී වෙළඳ රහස් සොරකම සම්බන්ධයෙන් Zhang දැන් වරද පිළිගෙන ඇති අතර අපරාධ චෝදනාව සඳහා උපරිම වශයෙන් වසර දහයක් දක්වා සිරදඬුවමක් හා ඩොලර් 250,000 ක දඩයක් නියම කිරීමට නියමිත වනවා.

Apple සේවකයෙකු සිය ස්වයංක්‍රීය මෝටර් රථ ව්‍යාපෘතියට අදාළ වෙළඳ රහස් සොරකම් කරන එකම අවස්ථාව මෙය නොවන අතර මීට පෙර  ජිෂොං චෙන්ට 2019 දී එම අපරාධය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඔහු චීනයට යාමට ද සැලසුම් කරමින් සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ෂැං වෙනුවෙන් පෙනීසිටි එම නීතිඥවරයාම විසිනි. කෙසේ නමුත් එම නඩු විභාගය සඳහා තවම දිනයක් නියම කර නැහැ.

 

Source – techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.