Categories

Repair shop වලදී අනවසර පුද්ගලයින්ගෙන් දත්ත ආරක්ෂා කරගන්න Samsung ගෙන් maintenance mode එකක්.

Repair shop එකකදි තමන්ගෙ පෞද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම ගැන තිබ්බ ගැටලුවට Samsung සාර්ථක විසදුමක් ලබා දී තිබෙනවා. මේක හදුන්වල දුන්නේ කාලෙකට කලින් වුවත් දැන් එය සත්‍ය වශයෙන්ම භාවිතා කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලබා දී තිබෙනවා.

Samsung හදුන්වා දුන් මෙම maintenance mode එක මගින් තමන්ගේ පෞද්ගලික දත්ත අන්පාර්ශවයන්ගෙන් ආර්ක්ෂා කරගත හැකියි.

සැම්සුන් විසින් මෙම maintenance mode විශේෂාංගය දකුණු කොරියාවේ සහ චීනයේ සාර්ථක ලෙස අත්හදා බැලීමෙන් පසු මෙලෙස ගෝලීය වශයෙන් එළිදක්වා තිබෙනවා.

මෙය ක්‍රියාත්මක කල පසු දුරකථනය ඡායාරූප, වීඩියෝ, ලේඛන, ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සහ වෙනත් දේවල් වැනි කිසිදු පුද්ගලික ගොනුවකට ප්‍රවේශය නොමැති නව ආගන්තුක පරිශීලක ගිණුමකට මාරු වනවා.

එමඟින්, දුරකථන repair කරන්නන් හට දුරකථනයක් ක්‍රියා කරන්නේ දැයි පරීක්‍ෂා කළ හැකි අතර සියලුම මූලික ක්‍රියාකාරකම් පරීක්‍ෂා කිරීමට සහ Galaxy Store වෙතින් යෙදුම් ස්ථාපනය කිරීමට පවා අවසර ලැබෙනවා (Restart කිරීමෙන් පසු ස්වයංක්‍රීයව ඉවත් වේ).
ඒවගේම ඔවුන්ට ඔබේ ලිපිගොනු මත සැරිසැරීමට නඩත්තු මාදිලියේ බාධකය ඉක්මවා යාමට හැකිවන්නේත් නැහැ.

මෙය ක්‍රියාත්මක කිරීමට, ඔබට ඔබගේ දුරකථනයේ setting තුළ Battery and device care වෙත ගොස්, පසුව Maintenance mode ක්‍රියාත්මක කළ හැකියි. එසේ කල පසු ඔබේ දුරකථනය ඔබට කිිසිදු පුද්ගලික යෙදුම් හා Files වෙත ප්‍රවේශය නොමැති ගිණුමක් වෙත මාරු කරනු ලබනවා.

ඔබට එය භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඉදිරියට එන One UI 5 යාවත්කාලීනය සමඟින් තෝරා ගත් මාදිලි සමගින් එය ක්‍රියාත්මක වනු ඇති බැවින් ඔබේ Samsung දුරකථනය වෙත පැමිණෙන OTA යාවත්කාලීනයක් ගැන විමසිල්ලෙන් සිටින්න.

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.