Categories

Apple ගෙන් මතභේදාත්මක පියවරක්..!- App store හි දැන්වීම් තවත් වැඩිවන ලකුණු

Apple විසින් මෙම සතියේ සංවර්ධකයින් වෙත විද්‍යුත් තැපෑලකින් App store හි නව වෙනසක් ගැන දන්වා තිබෙනවා.

MacRumors හි වාර්තාවකට අනුව, සමාගම ” Today tab” එකෙහි හා “You Might Also Like” කොටසෙහි දැන්වීම් පලකිරීමට සූදානම් වනවා.

මෙම නව දැන්වීම් අදින් පසු හෙවත් ඔක්තෝබර් 25, අඟහරුවාදායින් පසු චීනය හැර ලොව පුරා සජීවී වීමට නියමිතයි.
මෙම වසර මුලදී එය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, මෙම නව වෙනස පිළිබිඹු කිරීම සඳහා Apple දැනටමත් එහි වෙබ් අඩවියේ දැන්වීම් resource යාවත්කාලීන කර තිබෙනවා.

App product pages සදහාද දැන්වීම් නිකුත් කරන අතර එහි වෙළඳ දැන්වීම් බ්‍රවුස් කරන අතරේ ඔවුන් App Store හරහා විවිධ පිටු බ්‍රවුස් කරන විට උනන්දුවක් දක්වන පරිශීලකයින් වෙත ඔබේ යෙදුම ප්‍රවර්ධනය කිරීමට ඔබට ඉඩ සලසනවා

එසේම Search results හා recommended tab ඇතුලුව App store හි මුළු දැන්වීම් ස්ථාන 4ක් දක්වා වැඩි වනවා.

 

Imore.com

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.