Categories

Pornhub හා MindGeek වලට එරෙහිව නඩු..!

ස්ත්‍රී දූෂන හා ලමා අපයෝජනයන් ඇතුලු අවිධිමත් වීඩියෝවන් Hosting කිරීම සම්බන්ධයෙන් Pornhub හට නැවත වරක් චෝදනා එල්ල වී තිබෙන අතර ” ලෝකයේ විශාලතම මිනිස් ජාවාරම් ව්‍යාපරය” හා උතුරු ඇමෙරිකාවේ ළමා කාමුක දර්ශනවල විශාලතම නියාමන නොවන ගබඩාව ” යන චෝදනාවන් මත කාන්තාවන් 34දෙනෙකු එහි මව් සමාගම වන MindGeek ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

කැලිෆොනියාවේ මධ්‍යම දිස්ත්‍රික්කය වෙනුවෙනි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ ගොනු කර ඇති සිවිල් පැමිනිල්ල මගින් Pornhub හා එහි මව් සමාගම දැනුවත්ව ස්ත්‍රී දුෂනයන්,ලමා අපයෝජනයන් හා වෙනත් අවිධිමත් විඩියෝ මගින් ලාභ ලැබූ බව කියා සිටී.
ඒමෙන්ම මෙය ස්ත්‍රී දූෂනය පිලිබද සිද්ධියක් මිස කාමුක දර්ශන නොවන බවත් MindGeek සොප්රානෝස් වැනි සාපරාධී ව්‍යවසායක් බව එහි දැක්වෙනවා.

“Pornhub පිලිබද ඔවුන්ගේ කතාවන් බෙදාගත් තරුණ තරුණියන්ට විශේෂයෙන් ස්තූතියි.මන්ද යත් ඔවුන් විදින දුක් ගැහැටයන් විදීමට වෙනත් ලමයින්ට අවශ්‍ය නැති නිසා, මෙය සිදුවූයේ ඔවුන්ගේ ධෙර්යය නිසා, ඔවුන්ගේ කතාවන් නිසා.”

CBS ප්‍රවෘත්ති සේවය වාර්තා කලේ උසස් පාසලේ ඉගනුම ලැබූ එක් තරුණියකට ඇගේ පෙම්වතා නිරුවත් වීඩියෝවක් කිරීමට බලකල බවත් එවිට ඇයට වයස 17 බවයි. එමෙන්ම ඇගේ අනුදැනුමකින් හෝ කැමැත්තකින් තොරව ඔහු විසින් නිර්නාමිකව එය Pornhub වෙත යවා ඇත.

මේ පිලිබද ඇය පැවසූයේ
” ⁣මා මෙම නඩුවට ඉදිරිපත් වූයේ මා හා ඉදිරියට නොපැමිනෙන වින්දිතයින්ට සාදාරණය ඉටු කිරීමටයි”

Pornhub,Redtube,Tube8 හා youporn ඇතුලුව අසභ්‍ය වෙබ් අඩවි දුසිම් ගනනක් MindGeek සතුව ඇති අතර එය මසකට විඩියෝවන් බිලියන 3.5ක් නිකුත් කරයි.
මැත සමීක්ෂණයකින් හෙලි වූයේ එ.රාජධානියේ Lockdown කිරීමත් සමග Pornhub එරට අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක් වී ඇති බවයි.

Pornhub මේ පිලිබදව අදහස් දක්වමින් කියා සිටියේ පැමිනිල්ල පිලිබද විමර්ශනය කරමින් සිටින බවයි.
එ්මෙන්ම එය සොප්රානෝස් වැනි සාපරාධී ව්‍යවසායන් බවට වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් Pornhub කියාසිටියා.

NewYork Times වාර්තාවෙන් පසුව Pornhub විසින් තහවුරු නොකල Upload හා Download තහනම් කර තිබුනා.
මාස්ටර්කාඩ් හා වීසා ඉතා ඉක්මනින් MindGeek සමග සබදතා කපා දැමුවේය.
පසුව Pornhub පසුව නව ආරක්ෂකන පියවරයන් එකතු කරන ලද අතර එයට තෙවන පාර්ෂවීය සමාගමකට Upload කිරීම සදහා සත්‍යාපනයක් ඇතුලත් කර තිබෙනවා.