Categories

Youtube, iOS සදහා Picture in Picture(PIP) එක් කරයි.

මුලින්ම කියන්නම් මොකක්ද මේ Picture in Picture කියන්නෙ කියලා.
මේකෙදි වෙන්නෙ එක් වැඩසටහනක් තිරය මත දර්ශනය වෙද්දි වෙනත් වැඩසටහනක් හෝ කීපයක් ඇතුලෙ Window වල ඩිස්ප්ලේ වෙනවා.
Sound එක එන්නෙ main program එකේ එක විතරයි.

iphone දිර්ඝ කාලයක් බලන් හිටපු Feature එකක් Youtube අරන් ඇවිත් තියනවා.
premium පරිශීලකයන්ට ඉතා ඉක්මනින් මේක ලැබෙනු ඇති බවත්, එක්සත් ජනපදයේ සියලු iOS පරිශීලකයන්ට මෙය සක්‍රීය කිරීමට සැලසුම් කර ඇති බවත් Youtube පවසනවා.

පරිශීලකයන්ට මෙයින් Youtube ඇප් එකෙන් පිට වුවත් කුඩා මිනි ප්ලෙයර් එකකින් විඩියෝස් බැලීමේ හැකියාව පවතිනවා.

iOS 14 හි කොටසක් ලෙස පසුගිය වසරේදි ඇපල් විසින් “PIP” iPhone වෙත රැගෙන ආ අතර Netflix,Twitch,Amazon Prime Video,Disney + හා Apple tv ඇතුලු විඩියෝ ස්ට්‍රීමින් ඇප් වලට දැනටමත් මේ Feature එක Support කරනවා.

සමහර iPhone පරිශීලකයන් PIP හරහා Youtube විඩියෝ නරඹන්න ක්‍රියාමාර්ග සොයාගෙන තිබුනා, Youtube mobile Website හරහාද එක ක්‍රියා කර තිබුනා.
සමහර අය Shortcut හරහා ප්‍රවේශ වී තිබුනා.