google විසින් android devices තුළ ඇති play store යෙදුමෙන් films සහ TV යන ටැබ් 2 ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා. මාර්තු මාසයේදි මෙය ඉවත් කරන බව google විසින් මීට පෙරම දැනුවත් කර තිබුණා.
ඒ අනුව පරිශීලකයින්ට තවදුරටත් Android හි Play Store යෙදුමෙන් films සහ TV බැලීමට, මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට හැකියාවක් නැහැ.
google විසින් films සහ TV මෙසේ ඉවත් කර ඇත්තෙ Google tv නමින් නව ආදේශකයක් ඉදිරිපත් කිරීමටයි. ඒ අනුව පරිශීලකයන්ට මිලදී ගැනීමට, කුලියට ලබා ගැනීමට සහ මිලදී ගත් මාධ්‍යන් බැලීමට google tv මගින් අවස්ථාව ලැබෙනවා.
එසේම මීට පෙර play store තුළ පැවති purchases, family sharing, payments (using Play credit and gift cards), refunds යන features google tv තුළටද වෙනසක් නොකර ඇතුළත් කර ඇති බව සදහන් කර තිබෙනවා.
Leave a Reply
View Comments