Categories

Starlink විනාශ කිරීමට චීනයෙන් සැලසුමක්..!

පසුගිය දිනක යුක්රේනයට උදව් කිරීමට යවා තිබූ Space X හි Starlink satellites සම්බන්ධයෙන් රැසියානු අභ්‍යාවකාශ ඒජන්සියේ ප්‍රධානියා විසින් එලොන් මස්ක්ට තර්ජනය කිරීමත් සමග මෙම Starlink පිලිබද පුවත වඩාත් ප්‍රචලිත වුණා.

මේ අතර Space X හි Starlink චන්ද්‍රිකා මගින් එල්ල විය හැකි අනගත තර්ජනයන් පිළිබඳව චීන හමුදා පර්යේෂකයන් කනස්සල්ලට පත්ව සිටින අතර ඒවා විනාශ කිරීමට හෝ අක්‍රිය කිරීමට ක්‍රම දියුණු කරන ලෙස රටෙන් ඉල්ලා තිබෙනවා.

PCMag වාර්තා කරේ චීනයේ Modern Defense Technology සඟරාව Starlink චන්ද්‍රිකා මගින් ඇති විය හැකි අනතුරු පිළිබඳව අනතුරු අඟවන පත්‍රිකාවක් පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කළ බවයි. PLA හි උපාය මාර්ගික ආධාරක බලකාය යටතේ Beijing හි ලුහුබැඳීමේ සහ විදුලි සංදේශන ආයතනයේ පර්යේෂකයෙකු වන Ren Yuanzhen විසින් හා ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයින් කීපදෙනෙකු මෙම අධ්‍යයනය මෙහෙයවා තිබුණා.

Starlink වර්ධනය වෙමින් පවතින බවත් එහි විශාල විස්තීරණ යෙදුම් විභවය නිසා, එය චීනයට සැඟවුණු අනතුරු සහ අභියෝග ගෙනදෙනු ඇති බවත් වාර්තාවෙහි දක්වා තිබුණා.

පර්යේෂකයන් විසින් ඉදිරිපත් කර තිබූ Starlink හි විභව මිලිටරි යෙදුම් අතර ” ඩ්‍රෝන යානා සහ රහසිගත ප්‍රහාරක ජෙට් යානාවලට ඔවුන්ගේ දත්ත සම්ප්‍රේෂණ වේගය 100 ගුණයකට වඩා වැඩි කිරීමට ඉඩ දීම” ද ඇතුළත් වනවා.

එලෙසම මෙම චන්ද්‍රිකාවලට ක්ෂේත්‍රයේ සිටින භට පිරිස් වෙත මාර්ගගත සම්බන්ධතාවක් ලබා දීමටත්, ඒවායේ ion trusters භාවිතා කරමින් අභ්‍යවකාශයේ ඉහළ ඉලක්කයන් සාර්තකව ලබාගැනීමටත්, military payloads රැගෙන යාමටත් හැකියාව පවතින බව වැඩිදුරටත් පත්‍රිකාවේ සඳහන් වී තිබුණා.
මේ අතර SpaceX හයිපර්සොනික් ආයුධ හඳුනා ගැනීමට සහ ලුහුබැඳීමට හැකි උපකරණ නිපදවීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග ගිවිසුමක් අත්සන් කිරීම චීනය තවත් කනස්සල්ලට පත් කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබුණා.
ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවලට ප්‍රතිචාර දැක්වීමට චීනය සිය හමුදා උපාය මාර්ග අනුගත කළ යුතු බව රෙන් පවසන අතර ඔහුට අනුව දැනටමත් චන්ද්‍රිකා සන්නිවේදනය අවහිර කිරීමට හෝ උපාංග විනාශ කිරීමට හැකි ක්ෂුද්‍ර තරංග ද උපාංග හානි කිරීමට
හෝ අන්ධ කිරීමට ලේසර් ද යොදාගෙන තිබෙනවා.

Illustration of SpaceX’s Starlink network of satellites.

කෙසේ නමුත් මේ සදහා මිසයිල භාවිතය ඔහු ප්‍රතක්ෂේප කර තිබුණේ එමගින් අධික සුන්බුන් අභ්‍යවකාශය තුල පැතිරීමත් චන්ද්‍රිකා සංඛ්‍යාව දැනට 2000ට වඩා වැඩි නිසා හා එය 30000 දක්වා නිපදවීමටත් සැලසුම් කර ඇති නිසායි.
දැනට චීනය දුරස්ථ ස්ථානවල අන්තර්ජාල ප්‍රවේශය ලබා දීම සඳහා Xing Wang, හෝ StarNet නමින් තමන්ගේම Starlink satellite කීපයක් දියත් කර තිබෙනවා.

 

දෙසැම්බර් මාසයේදී, ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවක් තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පහර දුන් බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චීනය එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ කාර්යාලයට පැමිණිලි කර තිබුණා.

එි අතරම SpaceX ප්‍රධානියා Elon Musk, රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ Roscosmos හි ප්‍රධානියා වන Dmitry Rogozin විසින් යුක්රේනයට උදව් කිරීමට යවන ලද Starlink satellite සදහා තර්ජනය කිරීමෙන් පසුව,ට්වීට් එකක පල කර තිබුනේ “මම අද්භූත ලෙස මිය ගියහොත්, ඔබව දැන ගෙන සිටීම සතුටක්.” යනුවෙන්.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.